
දිනය ජුලි මස 15 වැනි දාය. රුසියාවේ ලුෂ්නිකි ක්‍රීඩාංගණයට 78,011 ක පිරිසක් රැස්වී සිටියහ. ඒ 2018 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය නැරැඹීම සඳහාය. ඒ අතර රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්, ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්රොන් සහ ක්‍රොයේෂියානු ජනපතිනිය වන කොලින්ඩා ග්‍රාබර් කිටාරොවිච් සිටියහ.
මීට අමතරව ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලින් රූපවාහිනිය දෙසට එදින අවධානය යොමු කළහ. මින් ඇතැමුන්ගේ පැතුම වූයේ ප්‍රංශ ජයග්‍රහණයකි. තවත් පිරිසකට අවැසි වූයේ ක්‍රොයේෂියානු ජයකි. තවත් පිරිසක් හොඳ අවසන් තරගයක් බලාපොරොත්තු වුහ.
අවසානයේදී සිදු වුයේත් එයමයි. ඒ ප්‍රංශයට ගෝල 4-2 ක ජයක් අත්වීම නිසාවෙනි. පැහැදිලිවම වඩාත් දක්ෂ කණ්ඩායම වූයේ ප්රංශයයි. එමෙන්ම වාසනාවත් ඔවුන් සතු වුහ. ඒ තරගයේ පළමු ගෝලය (18 විනාඩිය) ප්‍රංශයට ප්‍රතිවාදි ක්‍රොයේෂියානු ක්‍රීඩකයෙක්ගෙන්ම ලැබුණු බැවිනි. එනම් මාරියෝ මැන්ඩ්ෂුකිච් සිය පිලට එරෙහිව ගෝලයක් රැස් කිරීමයි. ලෝක කුසලාන අවසන් මහා තරගයකදී එවැනි අවාසනාවන්ත සිදුවීමකට ලක් වූ ප්රථමයාත් ඔහු වේ. කෙසේ වෙතත් තරගයේ අවසන් ගෝලයත් (69 විනාඩිය) ඔහු රැස් කර ගත්තේය. එහෙත් එය ක්‍රොයේෂියා ජයට ප්‍රමාදය.
මේ අතර 38 වැනි විනාඩියේදී තරගයේ දෙවැනි ගෝලය ඇන්ටොයින් ග්රියිෂ්මන් රැස් කළේ දඬුවම් පහරකිනි. එම තීරණය ආර්ජන්ටිනා විනිසුරු නෙස්ටර් පිටානා ලබා දුන්නේ වීඩියෝ සහාය විනිසුරු (වී.ඒ.ආර්.) තාක්ෂණය උපයෝගි කරගනිමින්ය. නමුත් එය විවාදාත්මක විය.
ග්රියිෂ්මන් මෙම ගෝලය රැස් කිරීමත් සමඟම ප්‍රංශය යළිත් වතාවත් ලෝක ශූරයෝ වන බවට එරටට ස්ථිර වන්නට ඇත. මන්ද යත් ග්රියිෂ්මන් ගෝලයක් රැස් කළ විට මේ දක්වා ප්‍රංශය කිසිම ජාත්‍යන්තර තරගයක් පරාජය වී නැති බැවිනි පෝල් පොග්බා 59 වැනි සහ කයිලියාන් එම්බැපේ 65 වැනි විනාඩිවලදී ගෝල රැස් කරමින් ප්‍රංශ ජය තහවුරු කළහ. එම්බැපේ ලෝක කුසලාන අවසන් තරගයකදී ගෝලයක් රැස් කළ දෙවන ළාබාලතමයා බවට පත් විය. එවිට ඔහුගේ වයස අවුරුදු 19 දින 207 කි. එහි වාර්තාව බ්‍රසීලයේ පේලේ සතුය. ඒ 1958 දීය. එවිට ඔහුගේ වයස අවුරුදු 17 දින 249 කි.
ඉවාන් පෙරිසිච් 28 වැනි විනාඩියේදී ක්‍රොයේෂියානු ප්‍රථම ගෝලය රැස් කළේය. ප්‍රංශයට පිරිනැමු දඬුවම් පහර හිමි වුයේ පෙරිසිච් අතින් පන්දුවට පහර දුන් බවට විනිසුරු තීරණය කිරීම නිසාය.
ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ගෝල සතරක් මීට පෙර අවසන් වරට රැස් කර තිබුණේ 1970 වසරේදීය. ඒ බ්‍රසීලය ගෝල 4 -1 කින් ඉතාලිය පරාජය කිරීමයි. පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබු දෙවන කුඩාම රට (ජනගහනය අනුව) වනුයේ ද ක්රොයේෂියාවයි. ඔවුනගේ ජනගහනය මිලියන 4.17 කි. එහි මුල් තැන උරුගුවේටය. ඔවුන් 1930 මංගල ලෝක ශූරයෝ වන විට ජනගහනය මිලියන 1.7 කි.
එමෙන්ම ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබු පහළතම ශ්‍රේණිගත කණ්ඩායමත් ක්රොයේෂියාවයි. ඔවුනගේ ශ්‍රේණිගත කිරීම අංක 20 වේ. එමෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 13 වැනි රටත් ඔවුන් වේ.
යුගොස්ලාවියානු සමූහාණ්ඩුවෙන් ඉවත් වී මෑත යුගයේ නිදහස් රටක් බවට ක්‍රොයේෂියාව පත් වූෙය් 1991 වසරේදීය. ඔවුන් ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකට සහභාගි වූයේ 1998 වසරේදීය. එහිදි තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එවර අවසන් පුර්ව තරගයේදී ඔවුන් ගෝල 2-1 ක පරාජයක් ලැබුහ. ප්‍රතිවාදින් වූයේත් ප්‍රංශයමයි. දෙරට අතර පැවැති කිසිඳු තරගයක් ජය ගැනීමට ක්‍රොයේෂියාවට හැකි වී නැත.
ප්‍රංශය පළමු වරට ලෝක ශූරයෝ වූයේ 1998 වසරේදීය. එහිදී නායකයා වූයේ ඩිඩියර් ඩෙෂොන්ය. හෙතෙම 2018 ලෝක ශූර ප්‍රංශයේ පුහුණුකරුවාත් විය. ඒ අනුව ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු ලෙසට ලෝක කුසලාන හිමිකර ගත් ලොව තෙවැනියාත් ඩෙෂොන් වේ. මීට පෙර බ්‍රසීලයේ මාරියෝ සගාලෝ (1958,62 සහ 1970) සහ බටහිර ජර්මනියේ ෆ්රාන්ස් බෙකන්බාර් (1974,1990) මෙම දුලබ දස්කම කර තිබේ. එමෙන්ම බෙකන්බාර්ට පසුව මෙම දස්කම කළ දෙවන නායකයාත් ඩෙෂොන්ය.
මේ අතර මෙවර තෙවැනි ස්ථානය බෙල්ජියම හිමි කර ගත්තේය. ඒ ගෝල 2-0 කින් එංගලන්තය පරාජය කරමිනි. එය ඔවුන්ගේ ඉහළතම දස්කම වේ. එංගලන්තය සිවුවැනි ස්ථානය හිමිකර ගත්තේ දෙවැනි වතාවටයි. ඒ 1990 න් පසුවයි.
 
 









