
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (15) පැවැත්වෙයි. එම නිසා මෙතෙක් පැවැති තරගාවලියන්හී අවසන් මහා තරග දෙසට නැවතත් අවධානය යොමු කිරීම කාලෝචිතය. 1938 න් පසුව 1950 දක්වා දෙවන ලෝක යුද්ධය නිසා තරගාවලිය පැවැත්වූයේ නැත.
1930 උරුගුවේ 4 -2 ආර්ජන්ටිනාව
සත්කාරක උරුගුවේ මංගල ලෝක ශූරයෝ වූහ. එරටේ අගනුවර වන මොන්ටිවියිඩියෝ නුවර එස්ටාඩියෝ සෙන්ටෙනාරියෝ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. එය නැරැඹු පිරිස 68,346 කි. උරුගුවේ - පැබ්ලෝ ඩොරාඩෝ, ජෝසේ සියා, වික්ටොරියානෝ ඉරියාර්ටේ සහ හෙක්ටර් කැස්ත්‍රෝ, ආර්ජන්ටිනාව - කාර්ලොස් පියුසෙලේ සහ ගුයිලර්මෝ ස්ටාබිල් දෙරට වෙනුවෙන් ගෝල රැස් කළහ.
1934 ඉතාලිය 2-1 චෙකොස්ලොවේකියාව
නැවතත් සත්කාරකයන්ට ම ලෝක ශූරතාවය හිමි විය. ඉතාලිය ජය ගත්තේ අතිරේක කාලයේදීය. රෝමයේ ස්ටාඩියෝ නැෂියොනාල් ඩෙල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය. 55,000 ක් නැරඹූහ. ඉතාලිය - රෙයිමුන්ඩෝ ඕර්සි, ඇන්ජෙලෝ ෂියාවියෝ සහ චෙකොස්ලොවේකියාව - ඇන්ටොනින් පච් ගෝල රැස් කළහ.
1938 ඉතාලිය 4 -2 හංගේරියාව
ප්‍රංශයේ පැරිස් නුවර ස්ටාඩ් ඔලිම්පික් ඩි කොලොම්බස් ක්‍රීඩාංගණයේදී අවසන් තරගය පැවැත්විණි. එය 45,000 ක් නැරඹුහ. (ඉතාලිය) ලුයිගි කොලායුසිග් සහ සිල්වියෝ පියෝලා ගෝල දෙක බැගින් ද (හංගේරියාව) පැල් ටිට්කොස් සහ ජියෝර්ජි සරෝසි එක බැගින් ද ගෝල රැස් කරන ලදහ.
1950 උරුගුවේ 2-1 බ්‍රසීලය
විශාල පෙරළියක් කරමින් උරුගුවේ නැවතත් ලෝක ශූරයෝ වුයේ සත්කාරකයන් හමුවේදීය. රියෝ ද ජනෙයිරෝ නුවර සුප්‍රකට මැරකනා ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි. එය නැරැඹු පිරිස 199,854 කි. (උරුගුවේ ) ජුවාන් ස්කියාෆිනෝ, ඇල්සිඩෙස් ගිගියා සහ ( බ්‍රසීලය) ඇල්බිනෝ ෆ්රියාකා ගෝල රැස් කළහ.
1954 බටහිර ජර්මනිය 3 -2 හංගේරියාව
ස්විස්ටර්ලන්තෙය් බර්න් නුවර වැන්ක්ඩෝර්ෆ් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ ඉතා විශිෂ්ටතම කණ්ඩායමක් ලෙසට සැළකෙන හංගේරියාව ලැබූ අනපේක්ෂිත පරාජය 62,500 ක් නැරැඹුහ. (ජර්මනිය ) මැක්සිමිලියාන් මෝර්ලොක්, හෙල්මුට් රාහ්න් (02) සහ (හංගේරියාව) ෆෙරෙන්ච් පුස්කාස්, ෂොල්ටාන් සිබෝර් ගෝල රැස් කර ගත්හ.
1958 බ්‍රසීලය 5-2 ස්වීඩනය
නැවත වතාවක් සත්කාරක කණ්ඩායමට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. ස්ටොක්හෝම් නුවරට ආසන්න සොල්නා නුවර රසුන්ඩා ක්‍රීඩාංගණයේදි තරගය පැවැත්විණි. එය නැරැඹු පිරිස 49, 737 කි. බ්‍රසීලය වෙනුවෙන් වාවා (02), පේලේ (02), මාරියෝ සගාලෝ සහ ස්වීඩනයට නිල්ස් ලියිඩ්හෝම් සහ ටෝරේ සිමොන්සන් ගෝල වාර්තා කළහ.
1962 බ්‍රසීලය 3-1 චෙකොස්ලොවේකියාව
චිලී රාජ්‍යයේ අගනුවර වන සන්තියාගෝ නුවර එස්ටාඩියෝ නැෂියොනාල් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි. 68,679 ක් තරගය නැරැඹූහ. අමරිල්ඩෝ, ෂිටෝ, වාවා ( බ්‍රසීලය ) සහ ජෝසෙෆ් මාසොපුස්ට් (චෙකොස්ලොවේකියාව) ගෝල රැස් කළහ.
1966 එංගලන්තය 4 – 2 බටහිර ජර්මනිය
ලන්ඩන් නුවර වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී තරගය පවත්වනු ලැබීය. එය සත්කාරක එංගලන්තය ජය ගත්තේ අතිරේක කාලයේදීය. 96, 924 ක් එය නැරැඹුහ. (එංගලන්තය) ජෙෆ් හර්ස්ට් (ගෝල 03), මාටින් පීටර්ස් සහ (බටහිර ජර්මනිය) හෙල්මුට් හාලර්, වොල්ෆ්ගාන්ග් වෙබර් ගෝල රැස් කළහ.
1970 බ්‍රසීලය 4 -1 ඉතාලිය
107,412 ක් මේ තරගය නැරැඹුවේ මෙක්සිකෝවේ අගනුවර වන මෙක්සිකෝ සිටි නුවර ඇස්ටෙකා ක්‍රීඩාංගණයේදීය. පේලේ, ගර්සන්, ජයිර්සිනෝ, කාර්ලොස් ඇල්බර්ටෝ (බ්‍රසීලය) සහ රොබර්ටෝ බොනින්සෙග්නා (ඉතාලිය ) ගෝලලාභියෝ වෙති.
1974 බටහිර ජර්මනිය 2 -1 නෙදර්ලන්තය
මියුනික් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීය. සත්කරක ජයග්‍රහණය 75,200 ක් නැරැඹුහ. පෝල් බ්රෙයිට්නර්, ගර්ඩ් මුලර් (බටහිර ජර්මනිය) සහ යොහාන් නීස්කන්ස් (නෙදර්ලන්තය) ගෝල රැස් කළහ.
1978 ආර්ජන්ටිනාව 3 – 1 නෙදර්ලන්තය
සත්කාරක ජයග්‍රහණය වාර්තා වූයේ අතිරේක කාලයේදීය. මාරියෝ කෙම්පෙස් (02), රිකාර්ඩෝ බර්ටෝනි (ආර්ජන්ටිනාව) සහ ඩර්ක් නැනින්ගා (නෙදර්ලන්තය) ගෝල වාර්තා කර ගන්නා ලදහ. තරගය පැවැත්වුයේ බුවනෝස් අයර්ස් අගනුවර එස්ටාඩියෝ මොනුමෙන්ටල් (රිවර් ප්ලේට්) ක්‍රීඩාංගණයේදීය. 71, 483 ක් තරගය නැරැඹුහ.
1982 ඉතාලිය 3-1 බටහිර ජර්මනිය
ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් නුවර සැන්තියාගෝ බර්නබියු ක්‍රීඩාංගණයේදී මෙම අවසන් තරගය පැවැත්විණි. 90,000 ක් එය නැරැඹුහ. (ඉතාලිය) පාව්ලෝ රොසි, මාර්කෝ ටාර්ඩෙලි, ඇලෙසැන්ඩ්‍රෝ ඇල්ටොබෙලි සහ (බටහිර ජර්මනිය) පෝල් බ්රෙයිට්නර් ගෝල ලාභීන්ය.
1986 ආර්ජන්ටිනාව 3-2 බටහිර ජර්මනිය
මෙක්සිකෝවේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය 114,600 ක් නරඹන ලදහ. (ආර්ජන්ටිනාව) ජෝසේ ලුයිස් බ්‍රවුන්, ජෝර්ගේ වැල්ඩානෝ, ජෝර්ගේ බුරුචාගා සහ (බටහිර ජර්මනිය) කාර්ල් හෙයින්ස් රුමෙනිගා, රූඩි වොලර් ගෝල රැස් කළහ.
1990 බටහිර ජර්මනිය 1-0 ආර්ජන්ටිනාව
තරගයේ 85 වැනි විනාඩියේදී ඇන්ඩ්රෙයස් බ්රෙහ්ම් දඬුවම් පහරකින් ගෝලය රැස් කර ගත්තේය. ඉතාලියේ රෝම අගනුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විය. 73,603 ක් එය නැරඹ්රහ.
1994 බ්‍රසීලය 3-2 ඉතාලිය
නියමිත කාලයත් අතිරේක කාලයේදීත් දෙපිළටම ගෝල රැස් කිරීමට හැකි වුයේ නැත. අවසානයේදී අඬුවම් පහරින් ප්‍රතිඵලය ලබා ගැනීමට සිදු විය. එහිදී (බ්‍රසීලය) රොමාරියෝ, බ්රැන්කො, ඩුන්ගා සාර්ථක විය. මාර්සියෝ සැන්ටොස් අසාර්ථකය. (ඉතාලිය) දිමිට්රියෝ ඇල්බර්ටිනි, ඇල්බෙරිගෝ එවානි සාර්ථකය. ෆ්රැන්කෝ බැරෙසි,ඩැනියෙල් මසාරෝ, රොබර්ටෝ බැජියෝ අසාර්ථකය. මේ තරගය පැවැත්වුයේ ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පැසඩිනා නුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීය. එය නැරැඹු පිරිස 94,194 කි.
1998 ප්‍රංශය 3-0 බ්‍රසීලය
සත්කාරකයන්ට තවත් ලෝක ශූරතාවයකි. ශාන්ත ඩෙනිස් නුවර ස්ටාඩ් ඩි ෆ්රාන්ස් ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි. 80,000 ක් නැරැඹුහ. සිනෙඩින් සිඩාන් (02) සහ එමැනුවෙල් පෙටිට් ගෝල ලාභින්ය.
2002 බ්‍රසීලය 2-0 ජර්මනිය
දකුණු කොරියාවේ සහ ජපානයේ සම සත්කාරකත්වයෙන් එවර තරගාවලිය පැවැත්වීය. අවසන් තරගය පවත්වනු ලැබුවේ ජපානයේ යෝකොහාමා නුවර ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. 69,029 ක් නරඹන ලදි. රොනල්ඩෝට ගෝල ද්විත්වයම හිමි විය.
2006 ඉතාලිය 5- 3 ප්‍රංශය
ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී තරගය පවත්වනු ලැබීය. එය නැරැඹු පිරිස 69,000කි. තරගයේ අතිරේක කාලය නිමාවන විට දෙපිළටම ගෝල 1-1කි. මාර්කෝ මැටිරාෂි ඉතාලියටත් සිනෙඩින් සිඩාන් ප්‍රංශයටත් ගෝල වාර්තා කළහ. අවසනදී පෙනල්ටි හෙවත් දඬුවම් පහර අනුව ප්‍රතිඵලය ලබා ගත්තේය. (ඉතාලිය) ඇන්ඩ්‍රියා පිර්ලෝ, මැටිරාෂි, ඩැනියෙල් ඩි රොසි, ඇලෙසැන්ඩ්‍රෝ ඩෙල් පියෙරෝ, ෆාබියෝ ග්රොසෝ සාර්ථකය. (ප්‍රංශය) සිල්වෙයින් විල්තෝර්ඩ්, එරික් අබිඩාල්, විලි සාග්නොල් සාර්ථකය. ඩේවිධ් ට්රෙසිගේ අසාර්ථකය.
2010 ස්පාඤ්ඤය 1-0 නෙදර්ලන්තය
තරගයේ අතිෙර්ක කාලයේදී ඇන්ඩ්‍රෙස් ඉනියෙස්ටා ජයග්රාහි ගෝලය රැස් කළේය. දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර සොකර් සිටි ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්වීය. 84,490ක් නැරැඹුහ.
2014 ජර්මනිය 1-0 ආර්ජන්ටිනාව
බ්‍රසීලයේ මැරකනා ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණි. 74, 738 ක් නරඹන ලදහ. තරගයේ අතිරේක කාලයේදී මාරියෝ ගොට්ෂා ජයග්රාහි ගෝලය වාර්තා කර ගැනීමට සමත් විය.
 
 









