
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයේ ජය දැක බලා ගැනීමට කසාන් ක්‍රීඩාංගණයට රැස්වූ අති විශාල බ්‍රසීලයානු ප්‍රේක්ෂකයන් පමණක් නොව සමස්ත බ්‍රසීලයම කඳුළින් නෑවූ බෙල්ජියම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ 1986 පසුව විමද විශේෂත්වයකි. එමෙන්ම මේ ජයග්‍රහණයත් සමඟම 2006 වසරෙන් පසු පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරග සඳහා යුරෝපීය කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා ගැනීම ද විශේෂත්වයකි. ඒ අනුව ප්‍රංශය, බෙල්ජියම, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා යුරෝපා මහද්වීපය නියෝජනය කරමින් රටවල් හයක් සහ දකුණු ඇමෙරිකාව නියෝජනය කරමින් රටවල් දෙකක් සුදුසුකම් ලබා ගත්හ. ඒ අනුව උරුගුවේ සහ බ්‍රසීලය දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කළ අතර, ප්‍රංශය, බෙල්ජියම, ස්වීඩනය, එංගලන්තය, රුසියාව සහ ක්‍රොඒෂියාව යුරෝපා කලාපය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට තරග කළේය.
ලොව පුරා දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව උණුසුම් හදවතින් යුතුව මේ බලා සිටින්නේ අද නිමාවන නැගෙනහිර යුරෝපයේ ප්‍රථම වරට පැවැත්වෙන 21 වැනි පාපන්දු ලෝක කුසලානය දෙසය. ඔලිම්පික් තරගාවලියකට පමණක් නොදෙවෙනි උණුසුම් ක්‍රීඩා තරගාවලියක් ලොව පවතීනම් ඒ පාපන්දු මහා මංගල්‍යය පමණි. මෙවර රුසියාවේ පැවති පාපන්දු ඉතිහාසයේ 21 වැනි මහා මංගල්‍ය ලොව ජනහදවත් ක්‍රීඩා ආස්වාදයෙන් තෙමාලන්නාවූ අද්විතිය ප්‍රාතිහාර්යය හෙවත් දෙපා රිද්මයේහි චමත්කාරයයි.
පාපන්දු ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කරගනිමින් රුසියාවේ හාපුරා කියා 21 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන විට බටහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් එතෙක් මෙතෙක් දහවතාවක් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පවත්වා තිබේ. දකුණු ඇමෙරිකාව කේන්ද්‍ර කර ගනිමින් එතෙක් මෙතෙක් තරගාවලි පහක් පවත්වා තිබෙන අතර, උතුරු ඇමෙරිකාවේ තෙවතාවක්, ආසියාවේ සහ දකුණු අප්‍රිකාවේ එක් වතාව බැගින් පාපන්දු ලෝක කුසලාන තරගාවලි පවත්වා තිබේ.
වැඩිම වතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇති බ්‍රසීලය 1958 ස්වීඩනයේ, 1962 චිලී, 1970 මෙක්සිකෝවේ, 1994 ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ 2002 ආසියාවේ ජපානයේ - දකුණු කොරියාවේ පැවැති තරගාවලියන් හිදී ලෝක කුසලානය දිනා ගෙන තිබේ. දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කරන බ්‍රසීලය උතුරු සහ දකුණු ඇමෙරිකානු කලාපවල තෙවතාවක් සහ යුරෝපයේ මෙන්ම ආසියානු කලාපයේදී එක්වතාව බැගින් ජය ගෙන තිබේ.
හතරවතාවක් ලෝක කුසලානය දිනාගෙන ඇති යුරෝපීය කලාපය නියෝජනය කරන ජර්මනිය තෙවතාවක්ම ලෝක ශූරතාව දිනා ගෙන ඇත්තේ යුරෝපියානු මහද්වීපයේය. 2014 වසරේ ඔවුන් ශූරයන් වූයේ දකුණු ඇමෙරිකාවේදීය. දෙවතාව බැගින් ලෝක ශූරයන් වී තිබෙන දකුණු ඇමෙරිකානු කලාපය නියෝජනය කරන රටවල් ආර්ජන්ටිනාව සහ උරුගුවේ රාජ්‍යයයි. ආර්ජන්ටිනාව 1978 සහ 1986 ලෝක ශූරයන් වී තිබෙන්නේ උතුරු සහ දකුණු ඇමෙරිකානු කලාපවල පැවැති තරගාවලි ද්විත්වයයි. උරුගුවේ 1930 - 1950 ලෝක ශූරයන් වී ඇත්තේ දකුණු ඇමෙරිකානු කලාපයේදීය. එක් වතාව බැගින් ලෝක ශූරයන් වී තිබෙන යුරෝපීය කලාපය නියෝජනය කරන ප්‍රංශය 1998 දිත්, එංගලන්තය 1966 දිත් යුරෝපයේදී ලෝක ශූරයන් වී තිබේ. යුරෝපීය කලාපය නියෝජනය කරන ස්පාඤ්ඤය 2010 දී දකුණු අප්‍රිකාවේදීත් ලෝක ශූරයන් වී තිබේ. ඒ අනුව මෙවර ලෝක කුසලානය නැගෙනහිර යුරෝපයෙන් බටහිර යුරෝපීය රටක නතරවීම නවතාලීමට දකුණු ඇමෙරිකානු මහද්වීපයක හෝ වෙනත් මහද්වීපයක රටකට නොහැකි විය.










