මුද්‍රිත පෙළපොත් වෙනුවට විද්‍යුත් පෙළපොත් | Page 4 | සිළුමිණ

මුද්‍රිත පෙළපොත් වෙනුවට විද්‍යුත් පෙළපොත්

පාසල් පෙළපොත් මුද්‍රණය වූ යුගය වෙනස් කරමින්, ලංකා ඉතිහාසයේ ප්‍රථම විද්‍යුත් පෙළපොත (Smart Text Book) ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයට හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයි.

මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන පළමු විදත් පෙළපොත 11 වසර විද්‍යාව විෂය සඳහා හඳුන්වා දී ඇති බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඩී. පද්මිණී නාලිකා මහත්මිය සිළුමිණට පැවසුවාය.

11 වසර විද්‍යාව විෂයය  විද්‍යුත් පෙළපොත ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන මාධ්‍ය තුනෙන්ම සකස් කර ඇති අතර, 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සෑම පාසල් දරුවකුටම එය ලබා දීමට නියමිතය. මේ අතර ලබන වසරේදී උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය, 6 සිට 11 වසර සඳහා වූ ගණිතය හා ඉංග්‍රීසි යන විෂයයන් සඳහාද  විද්‍යුත් පෙළපොත් නිකුත් කිරීමට අපේක්ෂිතය. ජංගම දුරකතනයක් මඟින් පවා කියවිය හැකි පරිදි මේ  විද්‍යුත් පෙළපොත් සකස් කර ඇත.

Comments