සම වයස් මැරයන්ගෙන් ගුටි කා මැරෙන පාසල් දරුවෝ | Page 2 | සිළුමිණ

සම වයස් මැරයන්ගෙන් ගුටි කා මැරෙන පාසල් දරුවෝ

 

නෝම්බි සමය නොහොත් උප­වාස සමය යනු ඉස්ලාම් භක්ති­ක­යන් ආග­මට ළැදිව ඉතා භක්ති­ව­න්තව ‍වෙසෙන සම­යකි. පසු­ගිය 12 වැනිදා හලා­වත මැර­වල සව­රාන මුස්ලිම් ගම්මා­නයේ සියලු දෙනාද උප­වාස සමය ගත කර­මින් තවත් නොබෝ දින­කින් උදා වන අවු­රුද්ද සැම­රී­මට ලක­ලැ­හැස්ති වෙමින් සිටි­යහ. ඔවුහු ඒ දින කීප­යේම සවස් යාමයේ පල්ලියේ පැවැ­ත්වෙන යාච්ඤා මෙහෙ­යන්ට සහභාගිවී­මට බොහෝ සේ උනන්දු වූහ.

මොහො­මඩ් රිස්වි මොහො­මඩ් ෆයි­සූල් මැර­වල සව­රාන මුස්ලිම් විදු­හලේ 11 ශ්‍රේණියේ සිටි ඉගෙ­නී­මට උපන් හප­න්කම් පෑ අහිං­සක දරු­වෙකි; එසේම ආගම දහ­මට දැඩි සේ භක්ති­ව­න්ත­යෙකි. පසු­ගි­යදා පාසලේ පැවැති ශිෂ්‍ය නායක පද­ක්කම් පැල­ඳ­වීමේ උත්ස­ව­යේදී රිස්විට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය පිරි­නැ­මිණි. ඊට හේතු පාදක වූයේ රිස්වි සෑම අතින්ම පෙන්වූ ඉහළ දක්ෂ­තා­වන්ය. පල්ලියේ කට­යු­තු­ව­ලදී මෙන්ම රිස්වි ගමේ සමාජ සත්කාර ඇතුළු සියලු බාහිර ක්‍රියා­කා­ර­ක­ම්ව­ල­දීද කැප වී කට­යුතු කළ අයෙකි. ඒ බව පාසලේ සියලු ගුරු­ව­රුද මනා වැට­හී­ම­කින් සිටි­යේය. ඊට අම­ත­රව රිස්වි යනු නිත­රම පාහේ පිළි­වෙ­ළට වැඩ කට­යුතු කළ, පිරි­සු­දුව ක්‍රම­වත්ව අඳින පල­ඳින දරු­වෙකි.

එවැනි කාරණා නිසාම රිස්වි පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුර­යට පත් වීමෙන් අන­තු­රුව පාසල තුළ විනය පිළි­බ­ඳව දැඩි සේ සිත­න්නට විය. ඔහු කිසිදු පාසල් ශිෂ්‍ය­ය­කුට විනය කඩ­කි­රීමේ කට­යු­තු­වල නියැ­ළී­මට ඉඩ නොදු­න්නේය. විශේ­ෂ­යෙන්ම පාසල තුළ පෙම් සබ­ඳ­තා­වන්ට මෙන්ම නික­රුණේ සැරි­ස­රන සිසුන්ට රිස්වි­ගෙන් කිසිදු ගැල­වී­මක් නොලැ­බිණි. මේ හේතු­වෙන් එවැනි සිසුන්ට රිස්වි යනු මහත් ‘ඇණ­යක්’ විය.

මෙවැනි වට­පි­ටා­වක් ගොඩ­නැ‍ඟෙද්දී ඔහුගේ දක්ෂ­තා­වන්ට ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට හොර රහසේ ඊර්ෂ්‍යා කරන සිසුන් පිරි­සක්ද පාස­ලේම සිටි­යහ.

පසු­ගිය 10 වැනිදා රිස්වි උප­වාස සමයේ පල්ලියේ වැඩ කට­යු­තු­ව­ලට සහ­භාගි වීමෙන් අන­තු­රුව තවත් යහ­ළු­වකු සමඟ පාපැ­දි­යෙන් නිවෙ­සට යමින් සිටි­යේය. වේලාව රාත්‍රී දහය පමණ වී තිබිණි.

රිස්වි තම යහ­ළුවා සමඟ පාපැ­දි­යෙන් ගමන් කර­මින් තිබූ මාර්ගයේ තිබූ ලයිට් කණු කීප­ය­කම එක්ව­රම විදුලි බුබුළු නිවි ගියේය. රිස්විට එය මහත් ප්‍රහේ­ලි­කා­වක් වී ඇත. රිස්විද පාපැ­දියේ වේගය වැඩි කළේය. එහෙත් ඔහුට යාගත හැකි වූයේ මීටර් කීප­යක් පමණි.

රිස්වි සමඟ යහ­ළුවා ගිය පාපැ­දිය වටා පිරි­සක් රොක් වූයේ ක්ෂණි­ක­ව­මයි. එම පිරි­සද ඔහු හොඳින් දන්නා හඳු­නන තම පාස­ලේම 10 ශ්‍රේණියේ ඉගෙ­නුම ලබන මොහො­මඩ් ෂිහාන්, මොහො­මඩ් මුස්තාක් සහ මොහො­මඩ් සෆ්රාන් යන සිසුන් තිදෙ­නායි. එහෙත් රිස්විට ඔවුන්ගේ පැමි­ණීම ගැන කිසි­වක් සිතා­ගැ­නී­මට නොහැකි විණි.

ක්ෂණ­යෙන් ක්‍රියා­ත්මක වූ තම පාසලේ මිතු­රන් තිදෙ­නා­ගෙන් කෙනකු වූ ෂිහා­න්ගෙන් රිස්විට එල්ල වූයේ දැඩි ප්‍රහා­ර­යකි. පොල්ලක් අතැ­තිව සිටි ෂිහාන් එක්ව­රම රිස්විගේ ඔළු­වට එල්ල කළ පහ­ර­කින් රිස්වි බිම ඇද­වැ­ටු­ණේය.

ඔහුගේ යහ­ළු­වාට ඔවුන් තිදෙ­නා­ගෙන් කිසිදු ප්‍රහා­ර­යක් එල්ල නොවිණි. එහෙත් ඔවුන් තිදෙනා රිස්විට සහ ඔහුගේ යහ­ළු­වාට තර්ජ­නය කළේ, “උඹලා මේ ගැන කාට­වත් කියන්න එපා... කියලා තිබු­ණොත් බලා­ගන්න පුළු­වන්...” කිය­මිනි.

එසේ තර්ජ­නය කළ ෂිහාන්, මුස්තාක් සහ සෆ්රාන් තිදෙනා විදුලි වේග­යෙන් අදාළ ස්ථාන­යෙන් පැන ගියේය. රිස්වි සහ ඔහුගේ යහ­ළුවා පහර කෑමෙන් අන­තු­රුව නිවෙ­ස්ව­ලට ගියහ. එහෙත් රිස්විට පහර කෑමෙන් ඇතිවූ වේද­නා­වන් ටිකෙන් ටික උත්සන්න විණි.

“මට අරුන් තුන්දෙනා ගැහුවා...” රිස්වි නිවෙ­සට ගොස් තම මෑණි­යන්ට කීවේ එප­මණි. පසුදා වන විට ඔහුගේ තත්ත්වය වෙනස් විණි. මුලින්ම රිස්විට ‘ෆිට්’ එක මෙන් ගැහෙ­න්නට ආ නිසා පවුලේ අය ඔහු හලා­වත රෝහ­ලට රැගෙන ගියහ. එහිදී තත්ත්වය උත්සන්න වීම නිසා රිස්වි 12 වැනිදා කොළඹ ජාතික රෝහ­ලට රැගෙන යනු ලැබිණි. එහිදී රිස්වි දින 12ක පමණ කාල­යක් මාරයා සමඟ සටන් කොට පසු­ගිය 23 වැනිදා ශල්‍ය­ක­ර්ම­ය­කට භාජ­නය කිරී­මෙන් අන­තු­රුව දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබ­මින් සිටි­ය­දී­ මෙ­ලො­වින් සමු­ගත්තේ තවත් අකල් මර­ණ­ය­කට ගොදුරු වෙමිනි.

ඔහුගේ මර­ණ­යත් සමඟ ක්‍රියා­ත්මක වූයේ හලා­වත පොලී­සි­යයි. ඒ ගැන අපට කරුණු කීවේ හලා­වත පොලි­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක රෆායි මහ­තායි.

“අපිට මේ පහර දීම ගැන මුලින්ම පැමි­ණිල්ල කළේ රිස්විගේ අම්මා 12 වැනිදා. පස්සෙ ඒ තිදෙ­නාම අත්අ­ඩං­ගු­වට ගත්තා. අර­ගෙන හලා­වත මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කොට මුස්තාක් සහ සෆ්රාන්ව ඇප මත මුදා­හැ­රියා. පොල්ලෙන් ගහපු බවට සැක කරන ප්‍රධාන සැක­කරු වන ෂිහාන් පරි­වාස බාර­යට පත් කළා.”

හිසට සිදු වූ තද­බල පහර දීම නිසා අභ්‍ය­න්ත­රයේ රුධිර වහ­නය හේතු­වෙන් පසු­ගිය 23 වැනිදා මර­ණ­යට පත් රිස්විගේ මර­ණ­යෙන් පසු ඇප මත මුදා­හැර සිටි මුස්තාක් සහ සෆ්රාන් නැව­තත් පොලිස් අත්අ­ඩං­ගු­වට පත් වූහ.

කර­දඬු උස්ම­හත් වෙමින් හිරි­මල් වය­සට පැමි­ණෙන දරු­වන් දුර­දිග නොබලා සිදු කරන මෙවන් ක්‍රියා හේතු­වෙන් සමා­ජයේ කොතෙක් නම් දරු­වන්ට විපත් සිදු වී තිබේද? පසු­ගිය 28 දා මෙවැ­නිම ආකා­රයේ සිසුන් පිරි­ස­කගේ පහර කෑම­කට ලක් වූ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාස­ලක සිසු­වකු ජාතික රෝහලේ හදිසි අන­තුරු අංශ­යට ඇතු­ළත්ව ප්‍රති­කාර ලබා නික්ම ගොස් තිබිණි. එහෙත් එම සිසුවා නැව­තත් තම මවු­පි­යන් විසින් ජාතික රෝහ­ලට ඇතු­ළත් කොට එහි 72 වාට්ටුවේ ප්‍රති­කාර ලබන බව අපට වාර්තා විය. සිසුන් 40 දෙනකු පමණ එක්ව එම සිසු­වාට පහර දී ඇතැ­යිද වාර්තා වේ.

සිසුන් මෙලෙස තම සහෝ­දර සිසුන් සමඟ ගැටුම් ඇති කර­ගන්නේ කුමක් නිසාද යන්න කෙරෙහි බල­ධා­රීන්ගේ දැඩි අව­ධා­නය නොප­මාව යොමු විය යුතුය.

 

Comments