
2018.06.10 දින සිළුමිණ පුවත්පතේ පළවූ ප්‍රධාන පුවත ගැන තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පිළිතුරක් එවා ඇත.
තෙල් පොම්ප කරන අඟල් 12 ක විෂ්කම්භයෙන් යුතු නළයෙන් 98% ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කොට ඇති අතර, ඉතිරි මීටර් 140 ක පමණ කොටසක් (මහවත්ත ප්‍රෙද්ශය) තුළ අනවසර පදිංචිකරුවන්ගේ විරෝධතා හේතුවෙන් සම්පූර්ණ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙම නළ මාර්ගවල පවතින තත්ත්වයට විසඳුමක් වශයෙන් අඟල් 18 ක සහ 14 ක නළ මාර්ග 02 ක් අලුතින් ස්ථාපනය කිරීමට කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රසම්පාදන කටයුතු කරමින් පවතී.ගොඩබෑමේදී මුහුදු වතුර යොදා ගනිමින් තෙල් කලවම් වීම් වළක්වා ගනු ලබන අතර නළ මාර්ග වලට සිදු වන හානිය වළක්වා ඇත.
තෙල් නැවක් දින 07 ක ගොඩ බෑමේ කාල සීමාවකට යටත්ව ඛනිජ තෙල් ආනයනික වෙෙළඳ ගිවිසුම මත පමණක් සංස්ථාව ඛනිජ තෙල් ආනයනය කරන අතර, ඒ අනුව මේ වන තෙක් කිසිදු ප්‍රමාද ගාස්තුවක් ගෙවා නොමැති බව දන්වා සිටිමි.
කර්තෘ සටහන
තෙල් නළ අක්‍රිය වීම නිසා එක් තෙල් නළයකින් තෙල් පොම්ප කරනු ලබන බව උක්ත ලිපියෙන් පිළිගෙන ඇත. වසර 45 ක් පැරැණි නළ මුහුදු වතුරෙන් සේදූ විට දිරාපත් නොවන බව සභාපතිවරයා පවසා සිටීම හාස්‍යයට කරුණකි. එසේම මේ ඉන්ධන නෞකා පැමිණෙන්නේ ලංකාවට පමණක් නොවන අතර ඒවා දින ගණන් වරායේ තැබීමට ගිවිසුම් ගසා නැති අතර දිනකින් හෝ දෙකකින් ඉන්ධන පොම්ප කර යෑමට පැමිණේ. පිළිතුරු ලිපියේ සඳහන් පරිදි දින 7 ක් සඳහා එකවර ගිවිසුම්ගතවීම කළ ගෙවනු ලබන ප්‍රමාද ගාස්තු ද එහි අන්තර්ගත වන බව පෙන්වා දීමට කැමැත්තෙමි.