ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 26 - 27 - 28 දිනවලදී | Page 2 | සිළුමිණ

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 26 - 27 - 28 දිනවලදී

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මෙවරත් 56 වැනි වරට ජූනි 26,27,28 දිනවලදී උත්සවශ්‍රීයෙන් පැවැත්විමට සියලු කටයුතු යොදා ඇත. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවා හැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි ලේක්හවුස් පාලනාධිකාරියේ මෙහෙයවීමෙන් මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතය.

විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහය ඇතිව පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ මෙවර විශේෂත්වය වනුයේ ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු පාලනාධිකාරියේ හා ලේක්හවුස් ආයතනයේ සියලු සේවක සේවිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් නිමැවූ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව 27 වැනිදා සවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ පුද පූජා සඳහා නිරාවරණය කිරීමයි. එදින ආලෝක පූජාව විවෘත කිරීම ද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කිරීමට නියමිතය.

 

Comments