රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපෘති 35ක් පෝලිමේ | Page 3 | සිළුමිණ

රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපෘති 35ක් පෝලිමේ

පෞද්ගලික අංශය හවුල් කරගත් මහා පරිමාණ ව්‍යාපෘති 35ක් දියත් කිරීම සඳහා අදාළ සැලසුම් මේ වන විට සකස් කොට අවසන් බව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ තිලාන් විජේසිංහ මහතා සිළුමිණ ට පැවසීය.

මෙම ව්‍යාපෘති 35 අතර පෑලියගොඩ අලුතින් ඉදි වන පාලමේ සිට රාජගිරිය දක්වා දිවෙන කුලුනු මත ඉදිවෙන අධිවේගී මාර්ගය, මහනුවර ගොහාගොඩ කුණු කන්ද ආශ්‍රිත විදුලි බලාගාරය, සූර්ය බල විදුලි ව්‍යාපෘති ඇතුළු විදුලි ජනන ව්‍යාපෘති කිහිපයක්, දේද්දූව සංචාරක කලාපයක් ද ඇතුළත් වන බව විජේසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

 

Comments