
මේ වන විට ලොව සිටින වැඩිම වටිනාකමක් තිබෙන පාපන්දු ක්‍රීඩකයාය. ඔහු 2017 වසරේ දී ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ සිට ප්‍රංශයේ පැරිස් සෙයින්ට් ජර්මෙයින් කණ්ඩායමට එක් වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 264 ක මුදලකටයි. කෙසේ වෙතත් නැවත වතාවක් ස්පාඤ්ඤයේ කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.
නේමාර් ඩා සිල්වා සැන්ඩොස් කණිෂ්ඨ 1992 වසරේ පෙබරවාරි මස 05 වැනිදා උපත ලැබීය. ඔහුගේ උස අඩි 5 අඟල් 9 කි.
නේමාර්ගේ මවුපියන් වන්නේ නේමාර් ජ්‍යෙෂ්ඨ සහ නාඩින්ය. මින් නේමාර් ෙග් පියාත් පාපන්දු ක්‍රීඩකයෙකි. හෙතෙම දක්ෂයෙක් වුවත් ජාතික මට්ටමට විවිධ හේතු නිසා ළඟාවීමට නොහැකි විය. එහෙත් ඔහුගේ පුත් නේමාර් කණිෂ්ඨ පියාගේ සිහිනයත් ඉටු කරමින් සිටියි. නේමාර්ට නැගණියක් සිටින්නීය. ඒ රාෆායෙලා ය. නේමාර් එක් දරු පියෙකි. ඔහුගේ පුත්‍රයා ඩේවි ලුකාය. නේමාර් ආධුනික මට්ටමින් ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකකි. ඒ බ්‍රසීලයේ පෝර්ටුගිසා සැන්ටිස්ටා සහ සුප්‍රකට සැන්ටොස් බී කණ්ඩායම්ය. එය වෘත්තීමය මට්ටමින් සැන්ටොස්, බාර්සිලෝනා සහ පැරිස් සෙයින්ට් ජර්මෙයින්ය.
එමෙන්ම බ්‍රසීල අවුරුදු 17 න්, 20 න් සහ 23 න් පහළ කණ්ඩායම්වලටත් ඔහු ක්‍රීඩා කළේය. නේමාර් මංගල ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ 2010 වසරේදීය. දැනට තරග 83 කි. ගෝල් 53 කි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් දෙකක දී ඔහුට පදක්කම් හිමිය. ඒ 2016 රන් සහ 2012 දී රි දී වශයෙනි.
මීට අමතරව ෆීෆා කන්ෆෙඩරේෂන්ස් කුසලාන තරගාවලියේ 2013 වසරේ දී ශූරයෝ වුයේ නේමාර් ප්රමුඛ බ්‍රසීලයයි. මෙවර ඔහු සහභාගි වනුයේ තම දෙවන ලෝක කුසලාන තරගාවලියටයි. 2014 සිය රටේදීම පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී සිවුවැනි ස්ථානය බ්‍රසීලයට හිමි විය. කෙසේ වෙතත් තරගාවලිය අතරතුර දී තරගයක දී ප්‍රතිවාදි ක්‍රීඩකයෙක් නිසා නේමාර් ආබාධයකට ලක් විය. එම නිසා ඉතා තීරණාත්මක තරගවල දී ඔහු නොමැතිව බ්‍රසීලය දුර්වල විය.
ක්‍රිස්ටියානෝ ෙරානාල්ඩෝ

මෙම සුපිරි තරු ත්‍රිත්වයෙන් වඩාත්ම කඩවසම් ක්‍රීඩකයාය. පෘතුගාලය සිය පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ හිමිකර ගත් ප්‍රථම සහ එකම ප්‍රධානතම ශූරතාවක් තිබේ. ඒ 2016 යුරෝ (යුරෝපයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය) ශූරතාවලියයි. එහි දී නායකත්වය දැරුවේත් රොනල්ඩෝමය.
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඩොස් සැන්ටෙස් එවියිරෝ උපත ලැබුවේ 1985 වසරේ පෙබරවාරි මස 05 වැනිදාය. ඔහුගේ උස අඩි 6 අඟල් 2 කි. ඔහුගේ මවුපියන් වනුයේ ජෝසේ ඩිනිස් සහ මරියාය. ඔහුගේ පියා නගරසභාවේ සේවකයෙකි. මව කෝකිවරියකි. රොනල්ඩෝ පවුලේ බඩපිස්සාය. ඔහුගේ අයියා හියුගෝය. අක්කලා දෙදෙනෙකි. ඒ එල්මා සහ ලිලියානාය. මේ වන විට රොනල්ඩෝ සිවුදරු පියෙකි.
රොනල්ඩෝ ආධුනික මට්ටමින් ක්‍රීඩා කළේ පෘතුගාලයේ ඇන්ඩොරින්හා, නැෂියොනල් සහ ස්පොර්ටිං සී. පී. යන කණ්ඩායම් නියෝජනය කරමිනි. වෘත්තියමය මට්ටමින් ස්පෝර්ටිං සී. පී., එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සහ වත්මන දී ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්ය. එමෙන්ම පෘතුගාල වයස අවුරුදු 15, 17, 20, 21 සහ 23 න් පහළ කණ්ඩායම්වලටත් රොනල්ඩෝ ක්‍රීඩා කළේය. හෙතෙම මංගල ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ 2003 වසරේදීය. මේ වන විට තරග 149 කි. ගෝල් 81 කි.
ඔහුට ලෝක කුසලාන තරගාවලි සතරකි. ඒ 2006 (සිවුවැනි ස්ථානය), 2010, 14 සහ 2018 වසරවලදීය. යුරෝ ශූරතාවලි ත්‍රිත්වයකදීම ඔහුට පදක්කම් හිමිය. ඒ 2016 (රන්), 2014 (රිදී) සහ 2012 (ලෝකඩ) වශයෙනි. මීට අමතරව ෆීෆා කන්ෆෙඩරේෂන්ස් කුසලාන තරගාවලියේ 2017 ලෝකඩ පදක්කම්ලාභියෙකි. මීට අමතරව රොනල්ඩෝ 2008 සහ 12 යුරෝ ශූරතාවලියටත් 2004 ඔලිම්පික් ක්‍රීඩා උළෙලටත් සහභාගි විය.
ලියොනල් මෙසී

බොහෝ විචාරකයන් සහ පාපන්දු ලෝලීන්ට අනුව මෙම තරු ත්‍රිත්වයෙන් වැඩිම හැකියාව තිබෙන සහ අංග සම්පූර්ණතම ක්‍රීඩකයා මෙසීය. ආර්ජන්ටිනාව නියෝජනය කළ විශිෂ්ටතම පාපන්දු තරුව මැරඩෝනා බවට පිරිසක් පවසති. තවත් පිරිසකගේ මතය වනුයේ මෙසී බවයි. එසේ වුවත් මෙසීට වඩා මැරඩෝනා තරමක් ඉදිරියෙන් සිටින්නේ හෙතෙම 1986 ලෝක ශූරතාව සිය මවුබිමට හිමිකර දුන් නායකයා වශයෙනි.
එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේත් මැරඩෝනාමය. එමෙන්ම 1990 ලෝක කුසලාන අනුශූරතාව හිමිකර ගත් ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයාත් වූයේ මැරඩෝනාමයි.
මෙසීට තවමත් ලෝක කුසලානයක් නැත. එහෙත් 2014 තරගාවලියේ දී අනුශූරතාව කරා ආර්ජන්ටිනාව රැගෙන යාමට ඔහුගේ නායකත්වයට හැකි වූයේය. එමෙන්ම එවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේත් මෙසීමයි.
ලියොනල් ඇන්ඩ්‍රෙස් මෙසී කුසිටිනි 1987 වසරේ ජුනි මස 24 වැනිදා උපත ලැබීය. හෙතෙම අඩි 5 අඟල් 7 ක් උසැතිය.
ඔහුගේ පියා ජෝර්ගේ වානේ කර්මාන්තශාලාවක කළමනාකරුවෙකි. මව සීලියාය. ඔහුගේ අයියලා දෙදෙනා රොඩ්රිගෝ සහ මාටියස්ය. නංගී මාරියා සොල්ය. මෙසීගේ බිරිය වනුයේ ඇන්ටොනෙලාය. මෙසී යුවළට පුතුන්ම තිදෙනෙකි. ඔහු ඉතාලියානු සහ ස්පාඤ්ඤ සම්භවයකින් යුක්තය.
ආර්ජන්ටිනාවේ නිවෙල්ස් ඕල්ඩ් බෝයිස් සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ඔහු ක්‍රීඩා කළ සමාජ කණ්ඩායම්ය. එමෙන්ම ආර්ජන්ටිනා වයස අවුරුදු 20 න් සහ 23 න් පහළ කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළේය. ඔහුගේ මංගල ජාත්‍යන්තර තරග වරම 2005 දීය. දැනට තරග 124 කි. රැස් කළ ගෝල් 64 කි.
වයස අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන ශූරතාව (2005), ඔලිම්පික් රන් පදක්කම (2008), ලෝක කුසලාන අනුශූරතාව (2014) සහ කෝපා ඇමෙරිකා (දකුණු ඇමෙරිකානු ප්‍රධානතම පාපන්දු තරගමාලාව) රි දී 03 (2007, 15, 16) මෙසී හිමිකර ගෙන තිබෙන ජාත්‍යන්තර ශූරතා සහ අනුශූරතාය.
ඔහුට ලෝක පාපන්දු සම්මේලන (ෆීෆා) ලෝක වසරේ ක්‍රීඩකයා සම්මාන 05 කි. ඒ 2009, 10, 11, 12 සහ 15 වසරවලදීය. මීට අමතරව යුරෝපීය වසරේ ක්‍රීඩකයා ද්විත්ව සම්මානයන්ය. ඒ 2010 - 11 සහ 2014 - 15 වසරවලදීය. මෙවර ඔහු සහභාගි වනුයේ තම සිවුවැනි ලෝක කුසලාන තරගාවලියටයි. ඒ 2006, 10, 14 සහ 18 වසරවලදීය.










