භූමිතෙල් මිල සඳුදා සිට අඩු ‌වේ | Page 4 | සිළුමිණ

භූමිතෙල් මිල සඳුදා සිට අඩු ‌වේ

ධීවර ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී ජනතාව මුහුණ දී සිටින අපහසුතාව සලකා ලබන සඳුදා සිට අඩු මිලට භූමිතෙල් ලබාදීමට රජය තීරණය කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ භූමිතෙල් ගැටලුව පිළිබඳව ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මේ පියවර ගත් බවයි. මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු මහා භාණ්ඩාගාරයේ ඉහළ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසු එලෙස මිල පහත හෙළීමට හැකි වූ බව රාජ්‍ය ඇමතිවරයා කියයි. ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25ත්-30ත් අතර මුදලකින් පහත දැමීමට තීරණය කොට තිබේ.

Comments