සාමකාමි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් | Page 2 | සිළුමිණ

සාමකාමි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්

ශ්‍රී ලංකාව 2018 වසර සඳහා නිකුත් කෙරුණු ලෝක සාම ශ්‍රේණිගත කිරීමේ (Global Peace Index) 67 වන ස්ථානයට පත්ව තිබේ.

ලෝකයේ රටවල් 163ක් අතුරින් 67 වන ස්ථානයට පත් වීම පසුගිය වසරට සාපේක්ෂව රටවල් 13කින් ඉදිරියට පැමිණීමක් වන අතර, මෙහිදී ශ්‍රී ලංකාවට හිමිව ඇති ලකුණු ගණන 1.954කි. ලෝකයේ රටවල් අතුරින් ලැබූ මේ ස්ථානයත් සමඟ යළිත් දකුණු ආසියාවේ දෙවන සාමකාමි රාජ්‍ය බවටද ශ්‍රී ලංකාව පත් වී තිබේ.

ලෝක සාම ශ්‍රේණිගත කිරීම, ආර්ථිකය සහ සාමය පිළිබඳ අධ්‍යයනායතනය විසින් ලෝකයේ රටවල් අතුරින් 99.7%ක් ආවරණය කරමින් සිදු කරනු ලබන්නකි.

ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මක දර්ශක 23ක් සලකමින් ඉතා නිවැරදි මූලාශ්‍රය සහ ගණනය කිරීම් යොදාගනිමින් සාම දර්ශකය තීරණය කිරීම සිදු කෙරෙන අතර, සමාජ සුරක්ෂිතතාව ආරක්ෂාව, දැනට පවතින සිවිල් හා අන්තර්ජාතික ගැටුම්, හමුදාකරණයට ලක් වීමේ සම්භාවිතාවන් වැනි කරුණුද මේ ශ්‍රේණිගත කිරීමේදී සලකා බලනු ලැබේ. සාම ශ්‍රේණිගත කිරීම්වලට අදාළ කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාධනීය කරුණු හඳුනාගෙන ඇතත්, ත්‍රස්තවාදයේ බලපෑම, යුද වියදම් ආදි කරුණු සඳහා වන වියදම් අවම කරගැනීම ගැන සැලකිලිමත් විය යුතු බව මෙහිදී නිරීක්ෂණයට ලක් වී ඇත.

Comments