
අහසත් පොළොවත් අතර ඉඩෙහි සොබාදහම අමුතු පෙළහරක් පාන්නට පටන්ගෙන තිබේ. එකම කුඩා දූපතක මිනිස්සු ගංවතුරෙන් දියබත්ව, අවතැන්ව පිළිසරණ සොයද්දී අසල තවත් පිරිසක් නියංසායෙන් පීඩිතව පිපාසයට දියපොදක් සොයනා මේ සේයාරුව ‘සිළුමිණ’ට ඇස ගැටුණේ මන්නාරම ලුණු ලේවායේදීය.
ඉතින් අපි මේ නෙළා ගන්නේ කලක් තිස්සේ වැපිරූ අහු අස්වැන්නයි. සොබාදහමේ මේ අවසාන රතු එළියත් අවබෝධ කර නොගන්නා මිනිසුන්ගේ හෙට දවස ගැන කාලගුණ අනාවැකි කියන්නට මේ මිහිපිට කවුරු නම් සමත් වේද? ඡායාරූපය - විමල් කරුණාතිලක