මරා ගැනිල්ල | Page 2 | සිළුමිණ

මරා ගැනිල්ල

කෙන්යාවේ මාසයි මාරා ජාතික වන සංරක්ෂිතය තුළ ගවයකුගේ මළ කුණකට ඔට්ටු වන පක්ෂීන් දෙදෙනෙකි. දෙදෙනාගෙන් එකකු ගිජු ලිහිණි විශේෂයකට අයත්ය. අනෙකා රාජාලි විශේෂයකට අයත්ය. රාජාලියාට ගව මළ කුණට ළංවන්නට ඉඩ නොදෙමින් ගිජු ලිහිණියා පා පහරක් එල්ල කළ හැටි මෙහි දැක්වේ.


සැඩ දිය කඳ

කුණාටුවත් සමඟ වට ධාරානිපාත වර්ෂාවෙන් ඇමෙරිකාවේ කැලිෆෝර්නියාහි ගංඟා දෙගොඩ තලා ගියේය. ගංඟා වේගයෙන් ගලාගියේ ගොඩබිමත් ඊට ඈඳා ගනිමිනි. ගහ කොළ, සතා සිව්පාවා පමණක් නොව වාහන ගොඩනැඟිලි පවා සැඩ දියෙහි ගසාගෙන ගියේය. ප්‍රචණ්ඩ දිය කඳට හසුවුණු මෝටර් රථයක් දියෙන් ගොඩට ගන්නට දරණ මේ උත්සාහය සමහරවිට එදා සාර්ථක වන්නට ඇත.


ෙසල්ලම් දැමීම

හීලෑ නොකළ අශ්වයන් පිට නැඟී “සෙල්ලම් දැමීම” ලොව සමහර සංස්කෘතියක වැදගත් අංගයකි. උරුගුවේ මොන්ටිවීඩියෝහි පැවැත්වෙන ක්‍රියෝල් සතියේ සැමරුම්වලදී අසුන් පිට යන දකුණු ඇමෙරිකා ජාතික මෙවැනි ගොපල්ලන් බුරුතු පිටින් දකින්නට පුළුවන. ගොපල්ලන් වුවත් ඔවුහූ අසරුවන් මෙල්ල කිරීමෙහි ද දක්ෂයෝ ය. ඔවුන් අතින් එක එක තාලයට නැටවෙන අශ්වයන්, නරඹන්නන්ට විශාල ආශ්වාදයකි.

Comments