බස් රථ 99%ක්ම ධාවනයට නුසුදුසුයි | Page 2 | සිළුමිණ

බස් රථ 99%ක්ම ධාවනයට නුසුදුසුයි

 දිවයින පුරා ධාවනය කරනු ලබන බස් රථවලින් 99%ක්ම මඟී ප්‍රවාහනයට සුදුසු නොවන ආරක්ෂාකාරි බවින් තොර බස් රථ බවට සමීක්ෂණයකින් ෙහළි වි අැති අතර ඒ්වා සම්බන්ධව ඉක්මන් දැඩි ක්‍රියාමාර්ගයකට ෙයාමු වීමට ජාතික ගමනාගමන ෙකාමිසම තීන්දු කර තිෙබ්. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන බස් රථ, ලොරි එන්ජින් හා ලොරි චැසිවලින් සමන්විත නිසා ඒවා මඟී ප්‍රවාහනයට සුදුසු නොවන බව හෙළිව ඇති අතර, මේ බස් රථ හදිසි අනතුරකදී මෙන්ම තිරිංග යෙදීමේදීද මඟීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය සාධක අන්තර්ගත නොවන වාහන බවත් හෙළිව තිබේ.

ලොරි රථවල චැසි සකස් කර ඇත්තේ භාණ්ඩ රැගෙන යෑමට හා ඒ භාණ්ඩවලට උචිත පරිදි වන හෙයින් එම චැසි කිසිසේත්ම මඟීන්ට සුදුසු නොවන බවත්, එම බස් රථවල ගමන් ගැනීමේදී මඟීන්ගේ කායික ශක්තිය පවා දුර්වල වන බවත් හෙළිව තිබේ.

මේ සම්බන්ධයෙන් 2014 වසරේදී කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත් කර ලොරි එන්ජින් සහ ලොරි චැසිවලින් සමන්විත බස් රථ ආනයනය නොකළ යුතු බවට නිර්දේශ කර ඇති අතර, පසුව කමිටුවක් මඟින් බස් රථ, තිබිය යුතු ප්‍රමිති සමිබන්ධව ඇගැයීමක් පවා සිදු කර තිබේ.

ලොරි එන්ජින් හා දැසි චැසිවලින් සමන්විත මේ බස් රථවලට මගී ප්‍රවාහනයට අවසර දෙන්නේ කෙසේදැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙරටට ආනයනය කරනු ලබන බහුතර බස් රථ ලොරි එන්ජින් හා ලොරි චැසි සහිත බව තමන් පිළි ගන්නා නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මඟී ප්‍රවාහන බස් රථ ලෙස ලියාපදිංචි කරනු ලබන හෙයින් මඟී ප්‍රවාහනයට අවසර පත්‍ර ලබා දීමට සිදුව ඇති බවයි. 

Comments