ගෝඨාගේ පෙත්සමෙන් විනිසුරුවරු 4ක් ඉවත් වෙති | Page 3 | සිළුමිණ

ගෝඨාගේ පෙත්සමෙන් විනිසුරුවරු 4ක් ඉවත් වෙති

 ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත් වීම වළක්වා ගැනීමට ඔහු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග නොකර සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනකු තීරණය කර තිබේ.

මේ අනුව බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, ඊවා වනසුන්දර සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෞද්ගලික හේතු දක්වමින් මේ පෙත්සම විභාග කිරීමෙන් වැළකී ඇත.

2015 මැයි 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් මඟින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළකා තිබුණු අතර, එය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇත.

ඔහු මේ පෙත්සම ගොනු කර තිබුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධි බවත්, එසේම තමාට එරෙහිව සිදු කෙරෙමින් පවතින පරීක්ෂණවලදී තමා අත්අඩංගුවට ගැනීම වළකාලන ලෙසත් ඉල්ලීමක් කරමිනි. 

Comments