
2018 ඉන්දිය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. මෙවර අවසන් තරගයේදී සුපර් කිංග්ස් කඩුලු 08 කින් සන්රයිසර්ස් හයිදරාභාද් කණ්ඩායම පරාජය කළේය.
අයි. පී. එල්. ශූරතාව සුපර් කිංග්ස් හිමිකර ගත්තේ තෙවන වතාවටයි. මීට පෙර 2010 සහ 2011 වසරවලදීත් ඔවුන් ශූරයෝ වූහ. මේ සෑම අවස්ථාවකදීම සුපර් කිංග්ස් නායකයා වූයේ මහේන්ද්‍ර සිං දෝණිය.
මෙවර සුපර් කිංග්ස් ජයග්‍රහණය දෝණි සමඟ සැමරීමට තවත් සුවිශේෂිතයන් දෙදෙනෙකුත් පැමිණ සිටියහ. ඒ දෝණිගේ බිරිය වන ෂක්ශි සහ දියණිය ෂිවා යි.










