
වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම මගින් 2015 වසරේ ලබා දුන් රුපියල් මිලියනයක මුදල් චෙක්පතක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා තමා විසින් යොදවන ලදැයි කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.
ශ්‍රී ලංකාවේ මැතිවරණවලට ව්‍යාපාරිකයන් මුදල් ලබාදීම සාමාන්‍ය සිරිතක් වන බැවින් තමා සමග සමීප ව්‍යාපාරික සබදතා පැවැත්වූ අර්ජුන ඇලෝෂියස් මහතා 2015 ජූලි 13 වැනි දින මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලබා දුන් එම චෙක්පත බාරගත්ත ද මහ බැංකුවේ බැදුම්කර සිද්ධියට අදාළව ඇලෝෂියස් මහතා වෙනුවෙන් කිසිවිටක තමා පෙනී නොසිටි බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.
එම චෙක්පත මුදල් බවට මාරු කළ අය සහ චෙක්පත අත්සන් කළ පුද්ගලයා කවුරුන්දැයි මතක නැති බව ද එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කියා සිටියේය.