මතින් තොර ලංකාවක් සඳහා අදහස් එවන්න | Page 2 | සිළුමිණ

මතින් තොර ලංකාවක් සඳහා අදහස් එවන්න

 ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය පිළිබඳ ජාතික කේන්ද්‍රීය ආයතනය වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, නිර්මාණශීලී පරිසංකල්පයන්ගෙන් යුක්ත සහ නිර්මාණශීලී ප්‍රබල ආචාර ධර්ම පණිවුඩයන් සමඟ මතින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙළ උදෙසා නව අදහස් සහ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා නිර්මාණාත්මක කුසලතා ඇති නිර්මාණකරුවන් හට ආරාධනා කරනු ලබයි.

නව නිර්මාණ සහිත අදහස් ලිඛිත ලේඛන ලෙස දෘශ්‍ය දර්ශන ලෙස හෝ කෙටි වීඩියෝ නිර්මාණ ලෙස ඉදිරිපත් කළ හැක. මෙම නිර්මාණ ජූනි 15 දිනට පෙර nnl@nddcb.gov.lk යන විද්‍යුත් ලිපිනයට හෝ තැපැල් මඟින් පහත ලිපිනයට යොමු කළ හැක.

අදාළ ‍උසස් නිර්මාණ සහ අදහස් විනිශ්චය මණ්ඩලයක් මඟින් තෝරාගනු ලබන අතර, ප්‍රථම ත්‍යාගය ලෙස රු. 25,000.00, දෙවන ත්‍යාගය ලෙස රු. 15,000.00, තුන්වන ත්‍යාගය ලෙස රු. 10.000.00 පිරිනමනු ලැබේ.

වැඩි විස්තර 0112868794 දුරකථන අංකයෙන් විමසිය හැකි ය. 

Comments