ජගත් පරිසර දින ප්‍රධාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී | Page 2 | සිළුමිණ

ජගත් පරිසර දින ප්‍රධාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී

මෙවර ජගත් පරිසර දිනය අනිද්දාට (ජූනි 5) යෙදී තිබේ. අප රටේ ජගත් පරිසර දින සැමරුම් ප්‍රධාන වැඩසටහන ජූනි 4 වැනිදා දවස පුරා ජනාධිපති හා පරිසර ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙවර ජගත් පරිසර දිනය වෙනුවෙන් රජය පරිසර සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

ජූනි 4 වැනිදා ක්‍රියාත්මක ඒ සතිය ඇතුළත පොලිතින් ප්ලාස්ටික් බැහැර කිරීම විධිමත් කිරීම හා පාරිසරික දැනුම්වත් කිරීම් ආදිය සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ ප්ලාස්ටික් අවභාවිතයෙන් සිදුවන පරිසර දූෂණය පිටු දකිමු යන්නයි. 

Comments