කෝටි 5ක් වටිනා එක්ස්-රේ යන්ත්‍ර මාස තුනක් වැඩ නෑ | Page 3 | සිළුමිණ

කෝටි 5ක් වටිනා එක්ස්-රේ යන්ත්‍ර මාස තුනක් වැඩ නෑ

 මීගමු රෝහලේ ස්ථාපිත කොට ඇති රුපියල් කෝටි 5කට වඩා වටිනාකමකින් යුත් එක්ස්-රේ යන්ත්‍ර දෙකක් මාස තුනහමාරකට ආසන්න කාලයක සිට ක්‍රියාවිරහිතව පැවතීම හේතුවෙන් රෝගීන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව ඇතැයි සිළුමිණට වාර්තා වේ.

එක්ස්-රේ යන්ත්‍ර දෙක ක්‍රියා විරහිත වීම නිසා රෝහලට පැමිණෙන හදිසි රෝගීන් වෙනත් පෞද්ගලික රෝහලකට යොමු කිරීමට සිදු වී ඇතැයි මීගමුව රෝහලේ වෛද්‍යවරු පවසති.

ජපානයෙන් ගෙන්වන ලද මෙම එක්ස්-රේ යන්ත්‍ර දෙක 2002 වසරේ සිට ක්‍රියාත්මකව පැවති අතර රෝහල් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවලදී ඒවාට දැඩි හානි සිදු වී එම යන්ත්‍ර දෙක විනාශ වී මේ වන විට පසෙකට දමා තිබෙන බව මීගමු රෝහලේ සේවකයෝ පවසති.

විශේෂ පරීක්ෂණ සිදු කරනු ලබන එක්ස්-රේ යන්ත්‍ර ක්‍රියාත්මක කෙරුණු ඒකකය මේ වන විට වසා තිබෙන අතර එම ඒකකය නැවත ස්ථාපිත කොට දෙන මෙන් මීගමු රෝහලේ සේවකයෝ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති.

Comments