කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය හෙක්ටයාර් 474කින් වැඩි වෙලා | Page 4 | සිළුමිණ

කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය හෙක්ටයාර් 474කින් වැඩි වෙලා

මිනින්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිකුත් කළ අලුත්ම කොළඹ දිස්ත්‍රික් අලුත් සිතියම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ විශාලත්වය හෙක්ටයාර් 474.5 කින් වැඩිවී ඇතැයි මිනුම්පති ආර්.එම්.පී. උදයකාන්ත මහතා පවසයි.

මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් අලුතින් සකස් කළ ශ්‍රී ලංකාවේ අලුත්ම සිතියම කොටස් 92 කින් යුත් අතර දැන් ඉන් කොටස් 72 ක් නිමකර අවසන් කර ඇත.

කොළඹ විශාලත්වය එලෙස වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෝට් සිටි සංකීර්ණයට මුහුද ගොඩකර ඉදිකිරීමයි.

2015 දී ආරම්භ කළ නව ශ්‍රී ලංකා සිතියම් සකස් කිරීම දැන් අවසන් අදියරට පැමිණ තිබේ.

මෙලෙස අලුත් ශ්‍රී ලංකා සිතියමක් පූර්ණ ලෙස සකස්කර ඇත්තේ වසර 35 කට පසුවය.

පසුගියදා මේ අලුත් සිතියමේ කොළඹ දිස්ත්‍රික් සිතියම ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට බාරදුන්නේ ය. 

Comments