අනවශ්‍ය ප්‍රශ්න එපා සංවර්ධනයට සහාය දෙන්න | Page 4 | සිළුමිණ

අනවශ්‍ය ප්‍රශ්න එපා සංවර්ධනයට සහාය දෙන්න

 අනවශ්‍ය ප්‍රශ්න සමඟ පැටලෙන්නේ නැතිව ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීම කෙරෙහි ඉදිරි මාස 18 තුළ ප්‍රමුඛත්වය දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වෙත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

නව ග්‍රාම නිලධාරීන් 1668 දෙනකු හට පත්වීම් ප්‍රදානය සඳහා ඉකුත් සිකුරාදා (1) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය. සංවර්ධන සැලසුම් යටතේ ග්‍රාමීය සංවර්ධනය සදහා විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර, ඒ සඳහා රුපියල් මිලියන 80,000ක මුදලක් වෙන් කොට ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය. 

 

Comments