අගමැති හෙට උතු‍රේ සංචාරයක | Page 2 | සිළුමිණ

අගමැති හෙට උතු‍රේ සංචාරයක

 උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ උතුරු පළාත කේන්ද්‍ර කරගෙන නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදා හැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම ඇතුලු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී එම ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම අඩුපාඩු ද සමාලෝචනයට භාජනය කෙරෙනු ඇත.

Comments