
ඉතා ත්‍රාසජනක මොටෝ ග්‍රෝන් ප්‍රී මෝටර් සයිකල් 2018 ලෝක ශූරතාවලියේ හයවැනි තරගය අද (ජුනි 03) ඉතාලියේදී පැවැත්වෙයි. ඒ ඉතාලියානු ග්‍රෝන්ප්‍රී තරගයයි.
මේ වන විට පැවැති තරග 05 සමස්ත ප්‍රතිඵලයන්ට අනුව ස්පාඤ්ඤයේ මාර්ක් මාර්කෙස් ඉදිරියෙන් සිටියි. ඔහු නියෝජනය කරන්නේ හොන්ඩා කණ්ඩායමයි. මීට පෙර පැවැති අවසන් තරග 03 ම ජයගත්තේ ද මාර්කෙස්මය.
යමහා කණ්ඩායමේ ස්පාඤ්ඤ ක්‍රීඩක මැව්රික් විනාලෙස් මෙවර දෙවන සහ ප්‍රංශයේ යොහාන් ෂාර්කෝට තෙවන ස්ථාන හිමිය.










