
වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලි සතරකි. ඒ ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘතය. මෙම වසරේ දෙවන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය ලෙසට ප්‍රංශ විවෘත ශූරතාවලිය මේ දිනවලදී පැරිස් නුවරදී පැවැත්වේ.
මෙවර පැවැත්වෙන්නේ 122 වැනි ප්‍රංශ විවෘත ශූරතාවලියයි. මෙවර ශූරතාවලිය සදහා පිරිනමන මුළු ත්‍යාග මුදල යුරෝ 39,197,000 කි. එමෙන්ම කේවල (තනි) ශූරයා සහ ශූරියට යුරෝ 2,200,000 බැගින් මුදල් ත්‍යාග පිරිනමයි.
වත්මන් ලොව අංක 01 ක්‍රීඩකයා වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මෙවරත් පිරිමි කේවල ශූරතාව හිමිකර ගැනීමට ඉදිරියෙන්ම සිටියි. ගිය වසරේ ශූරයා වූයේත් ඔහුමයි. එමෙන්ම ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලි ඉතිහාසයේ වැඩිම කේවල ශූරතා ගණනක් හිමිකර ගැනීමේ වාර්තාවත් නඩාල් සතුය. ඒ ශූරතා 10 කි.
මේ අතර කාන්තා කේවල අංශයේදී ඇමෙරිකාවේ සෙරිනා විලියම්ස් දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ඒ තම ප්‍රථම දරු උපතින් පසුව ඇය ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියකට සහභාගි වන ප්‍රථම වතාව මෙය වන බැවිනි.
සෙරීනා මීට පෙර ප්‍රංශ විවෘත කේවල ශූරතා 03 ක හිමිකාරිණියකි. මීට අමතරව වත්මන් ලොව අංක 01 ක්‍රීඩිකාව වන රුමේනියාවේ සිමෝනා හාලෙප් සහ ඩෙන්මාර්කයේ කැරොලයින් වොෂ්නියැකිත් මෙවර ශූරතාව හිමිකර ගැනීමට ඉදිරියෙන්ම සිටිති.










