විජය සමරසිංහට ආචාර්ය උපාධිය | Page 3 | සිළුමිණ

විජය සමරසිංහට ආචාර්ය උපාධිය

 අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි කරගෙන ඇත. තායිලන්තයේ මහා චුලාලංකෝන්රාජ විද්‍යාලිය විශ්වවිද්‍යාලය මගින් පවත්වන උපාධි ප්‍රදානෝත්සවයේ දී ඒ මහතා මේ උපාධිය හිමි කර ගන්නා ලදී.

වසර එකසිය පනස් හතරක ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ අභ්‍යන්තර දුම්රිය නිලධාරියෙකු සේවයේ නිරතව සිටියදී ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වන අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන එකම ආචාර්ය උපාධි ලාභියා වන්නේද විජය සමරසිංහ මහතා ය.

ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා එහි විද්‍යාලීය වර්ණලාභියෙකුද වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ගෞරව විශේෂ උපාධිය ද, පශ්චාත් උපාධි කිහිපයක්ද ශාස්ත්‍රපති උපාධියද හිමි කර ගත් ඒ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ සහෝදර සංගමයේ සභාපති ධුරයද, අන්තර් විශ්වවිද්‍යාල බෞද්ධ ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති ලෙසද කටයුතු කර ඇත. 

 

Comments