පොහොර වැඩි මිලට වික්කොත් නඩු | Page 4 | සිළුමිණ

පොහොර වැඩි මිලට වික්කොත් නඩු

පොහොර සඳහා උපරිම මිලක් නියම කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව පැවැසූ අමාත්‍යවරයා පොහොර සමාගම්වලට මේ බව දැනුම් දී ඇති බව ද පැවැසුවේය. වැඩි මිලට පොහොර අලෙවි කරන වෙළෙඳුන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා ලෙස ද පාරිභෝගික අධිකාරියට දැනුම් දී තිබේ.

පොහොර සහනාධාරය පැරැණි ක්‍රමයට ලබාදෙන බව පැවැසූ අමාත්‍යවරයා, ගොවි සංවිධාන මාර්ගයෙන් මේ පොහොර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව පැවැසූ අමාත්‍යවරයා ,එලෙස ලබා දෙන පොහොර මිටියක් රුපියල් පන්සීයකට ලබා දෙන බව ද විවෘත වෙළෙඳපොළේ දී ලබාදෙන පොහොර මිටියක් රුපියල් එක්දහස් පන්සීයකට ද ලබාදෙන බව ද පැවැසුවේය. මේ අනුව පොහොර සහනාධාරය සඳහා මෙතෙක් රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන තිස්දෙදහස් පන්සීයක් බව ඔහු කීය.

Comments