පාසල් දරුවන්ට කිරි වීදුරුවක් | Page 2 | සිළුමිණ

පාසල් දරුවන්ට කිරි වීදුරුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ග්‍රාම ශක්තිවැඩ පිළිවෙළ හරහා රට කිරෙන් ස්වයංපෝෂිත කර කිරිගොවියා නඟාසිටුවීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ අනුව දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස පාසල් ළමයින්ට උදේ ආහාරය සඳහා කිරිපැකට්ටුවක් ලබාදීමට යෝජනා කර ඇත.

පාසල් ළමයින්ගේ පෝෂණ ඌනතාව සැලකිල්ලට ගනිමින් ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස දියර කිරි ලබාදී පෝෂණ ඌනතාව පිටුදැකීම මින් අපේක්ෂා කෙරේ. මෙහිදී මූලික වශයෙන් පළමුවන පන්තියේ සිට පස්වන පන්තිය දක්වා දියර කිරි ලබාදීමට පියවර ගන්නා අතර, පසුව සෙසු දරු දැරියන්ටද එය ලබා‍දීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.

Comments