පානීය ජල යෝජනා ක්‍රම 7ක් මගින් ලක්ෂ 17කට සෙත | Page 2 | සිළුමිණ

පානීය ජල යෝජනා ක්‍රම 7ක් මගින් ලක්ෂ 17කට සෙත

 පසුගිය වසර 3 ඇතුළත මෙරට ක්‍රියාවට නංවන විසල් ජල සම්පාදන පානීය ජල යෝජනා ක්‍රම 7ක් මගින් පුද්ගලයන් ලක්ෂ 17කට අලුත් ජල පහසුකම් ලැබි ඇතැයි නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා පවසයි.

ඒ අනුව දැනටමත් මහනුවර, දඹුල්ල, මාතලේ, පස්සර බදුල්ල, කුරුණෑගල, මාතර දිස්ත්‍රික්කවල විසල් පානීය ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා මුළු වියදම රුපියල් කෝටි 12000ක් පමණ වන බවත් ඇමැතිවරයා පවසයි. මහනුවර උතුර ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් දස ලක්ෂ 33400 වැය කරන අතර ප්‍රතිලාභීන් 47000 ක් ඉන් ප්‍රයෝජන ලබයි. විසල් මහනුවර ජල ව්‍යාපෘතිය මගින් පවුල් ලක්ෂ 3 කට සෙත සලසන අතර ඒ සඳහා වියදම රුපියල් දස ලක්ෂ 42000 කි.

බදුල්ල ජල ව්‍යාපෘතිය මගින් පවුල් 110000 ක් සඳහා ජලය ලැබෙන අතර වියදම රුපියල් දස ලක්ෂ 11800 කි. මාතලේ ජල ව්‍යාපෘතියෙන් ලක්ෂ 4 කට සෙත සැලසෙන අතර එහි වියදම රුපියල් දස ලක්ෂ 23400 කි. මාතර පානීය ජල ව්‍යාපෘතියෙන් පුද්ගලයන් ලක්ෂයකට සෙත සැලසෙන අතර ඒ සඳහා වියදම රුපියල් දස ලක්ෂ 182000 කි. දඹුල්ල ජල ව්‍යාපෘතියෙන් පවුල් 174000 ක් සඳහා ජලය ලැබෙන අතර ඒ සඳහා වියදම රුපියල් දස ලක්ෂ 10000 කි. මීට අමතරව අලුතින් ඉදිකළ විශාලතම ජල යෝජනා ක්‍රමය වන කුරුණෑගල ජල ව්‍යාපෘතියෙන් පුද්ගලයන් ලක්ෂ 2 කට සෙත සැලසෙන අතර වියදම රුපියල් දස ලක්ෂ 13250 කි. මීට අමතරව රටපුරා ප්‍රජා ජල ව්‍ය‍ාපෘති 352 ක් ද ක්‍රියාත්මක විය. ඉන් පුද්ගලයන් ලක්ෂ 5 කට පමණ ප්‍රතිලාභ ලැබී තිබේ. 

Comments