සිසිල ගේන ගතට මිතුරු කතුරු මුරුංගා | Page 4 | සිළුමිණ

සිසිල ගේන ගතට මිතුරු කතුරු මුරුංගා

සමබල ආහාර වේලක් සඳහා පලා වර්ගයක් ප්‍රධාන ආහාර වේලක තිබිය යුතු ය. ඒ හේතුවෙන් මිනිස්සු දිනකට එක් පලා වර්ගයක් කෙසේ හෝ තම ආහාර වේලට එකතු කර ගනිති. ගම්වල හෝ නගරබදව ජීවත්වන මිනිසුන්ට ඉතාමත් ලෙහෙසියෙන් සපයා ගත හැකි පලා වර්ගයක් ලෙස කතුරුමුරුංගා හැදින්විය හැකි ය. කතුරුමුරුංගා ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය සෙස්බෙනියා ග්‍රැන්ඩිෆ්ලෝරා (Sesbania grandiflora) වේ. මෙය ෆැබේසියා (Fabaceae) කුලයට අයත් ය. රනිල කුලයට අයත් කතුරුමුරුංගා අතීතයේ පටන් ආහාරයට ගන්නා ලද වටිනා ඖෂධීය පලා වර්ගයකි. මුඛය දෙපස පැළීම, දිවේ වේදනාකාරී උෂ්ණ ගෙඩි හට ගැනීම හා බඩ වියළීම වළකාලීමට මෙය ප්‍රත්‍යක්ෂ වේ. ආයුර්වේදයේ දැක්වෙන කතුරු මුරුංගාවල ගුණ පිළිබඳව පසු පිටක සඳහන් කර ඇත. පහසුවෙන් වගා කළ හැකි ගුණදායක පලා වර්ගයක් බැවින් ද, කෘෂි රසායනික යෙදීම අනවශ්‍ය ප්‍රණීත පලාවක් ලෙස පිළියෙල කරගත හැකි බැවින් ද. සෑම ගෙවත්තකම කතුරුමුරුංගා එක් පැළයක් හෝ වගා කර ගැනීම ඉතා ප්‍රයෝජනවත් වේ. සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හට ගන්නා යනුවෙන් කතුරු මුරුංගා වර්‍ග 03 ක් තිබේ. කලාතුරකින් මල් හට ගන්නා කතුරු මුරුංගා වර්ගය ''හරිත'' වශයෙන් නම් කර තිබේ. බහුලව මල් හට ගන්නා දෙවර්ගයේම කොළ සහ මල් ආහාරයට ගත හැකිය. සුදු මල් සහිත වර්ගය වඩා ජනප්‍රිය වේ. හරිත වර්ගය සහ සාමාන්‍ය වර්ගය යනුවෙන් කතුරු මුරුංගා දෙවර්ගකින් යුක්ත ය.

රෝපණ ද්‍රව්‍ය

බීජ මඟින් ප්‍රචාරණය කරනු ලැබේ.බීජ ලබාගත යුත්තේ මෝරා කහ ගැසී වියළුණු අලුත්ම කරල් වලින්ය. වියළි කල්ගත වු කරල් ද ගසේම රැඳී පවතින නමුත් ඒවායේ බීජ වල ප්‍රරෝහණ ශක්තියක් නැති තරම්ය. තෙමී ගිය කරල්වල බීජ ද රෝපණය සඳහා සුදුසු නැත. බීජ වල ජීවී බව ඉක්මනින් අහෝසි වන බැවින් බීජ, කරලින් වෙන්කර ගත යුත්තේ රෝපණය කරන අවස්ථාවේදීය. ඉතා අඩුවෙන් මල් හට ගන්නා “හරිත“ වර්‍ගය. දඬු කැබලි මඟින් ප්‍රචාරණය කර ගනු ලැබේ.

පැළ සකස් කිරිම

බීජ වලින් පැළ නිපදවා ගැනීම සඳහා ලොකුවට කපා ගත් කුට්ටි සහිත තවාන්, පොලිතීන් බෑග්, කඩදාසි බෑග් හා වෙනත් බඳුන් යොදාගත හැකිය. වැඩිපුර බීජ යොදා පැළවු එකක් ඉතුරු කොට වැඩි පැළ ගලවා දැමිය යුතුය. බීජ ප්‍රරෝහණය වනතුරු දිනපතා ජල සම්පාදනය කළ යුතු වේ. ඉන්පසු කාලගුණය අනුව දින දෙක තුනකට වරක් ජල සම්පාදනය කිරීම යෝග්‍ය වේ. තවානේ පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර සූර්ය රශ්මියට ඔරොත්තු දෙන සේ දැඩි කරගත යුතු බැවින් ක්‍රම ක්‍රමයෙන් තද සූර්යාලෝකයට නිරාවරණය කළ යුතුය. සෙ.මි. 15-20 ක් පමණ උස් වූ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යෝග්‍ය වේ. පැන්සලක ප්‍රමාණයේ අලුත් අතුවල පොතුවලයක් ඉවත් කොට ඒ වටා තෙත් කළ කොහුබත් තබා ලේයර් කිරීමෙන් (අතු බැඳීමෙන්) ද සති 3-4 ක දී පමණ එය ගසින් වෙන් කොට බඳුන් ගත කොට තබා රෝපණය සඳහා සකස් කර ගත හැකි වේ.

ක්ෂේත්‍රයේ සිටුවීම

බඳුන් ගත කරන ලද හෝ කුට්ටි තවාන්වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න. සෙ.මි. 45×45×45 පමණට සකසන ලද වළවල්වලට කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කරන්න. පැළ රෝපණය කිරීමට පෙර ඒවා දින කිහිපයක් හිරු එළියට නිරාවරණය කොට දැඩි කර ගත යුතුය. තවානකින් ගලවා ගන්නා ලද පැළ හෝ රෝපණය කරන අවස්ථාවේදී බඳුන්වල පස් බුරුල් වූ පැළ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ටික දිනක් ගත වනතුරු දහවල් කාලයේදී ආවරණය කොට තැබීම සුදුසුය. වියළි දේශගුණයක් පවතින කාලයකදී රෝපණය කරන්නේ නම් වසුන් යෙදීම වැදගත්ය. සිටුවන අවස්ථාවේදී හොඳින් පස් තද කිරීම වැදගත් වේ. පස් බුරුල්ව තැබු විට ජල අවශෝෂණයට බාධා වී ශාකය මැලවීමට ඉඩ ඇත. හිරු එළිය ප්‍රියකරන කතුරු මුරුංගා සෙවණ සහිත ස්ථානවල සිටුවීමෙන් සාර්ථක වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. සුළං අධික වේ නම් හා පැළ උසට වැඩී ඇත්නම් ආධාරකයක් සිටුවන්න. මීටර් 2×2 පමණ පරතරයකට පැළ සිටුවීම සුදුසුය. බඳුන්ගත කරන ලද හෝ කුට්ටි තවාන්වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න.

සෙ.මි. 45×45×45 පමණට සකසන ලද වළවල් වලට කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කරන්න. පැළ රෝපණය කිරීමට පෙර ඒවා දින කිහිපයක් හිරු එළියට නිරාවරණය කොට දැඩි කර ගත යුතුය. තවානකින් ගලවා ගන්නා ලද පැළ හෝ රෝපණය කරන අවස්ථාවේදී බඳුන්වල පස් බුරුල් වූ පැළ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ටික දිනක් ගත වන තුරු දහවල් කාලයේදී ආවරණය කොට තැබීම සුදුසුය. වියළි දේශගුණයක් පවතින කාලයකදී රෝපණය කරන්නේ නම් වසුන් යෙදීම වැදගත්ය. සිටුවන අවස්ථාවේදී හොඳින් පස් තද කිරීම වැදගත් වේ. පස් බුරුල්ව තැබු විට ජල අවශෝෂණයට බාධා වී ශාකය මැලවීමට ඉඩ අැති බැවිනි. හිරු එළිය ප්‍රියකරන කතුරු මුරුංගා සෙවණ සහිත ස්ථානවල සිටුවීමෙන් සාර්ථක වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. සුළං අධික වේ නම් හා පැළ උසට වැඩී ඇත්නම් ආධාරකයක් සිටුවන්න. මීටර් 2×2 පමණ පරතරයකට පැළ සිටුවීම සුදුසු බඳුන්ගත කරන ලද හෝ කුට්ටි තවාන්වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න.

පොහොර භාවිතය පිළිබඳ ෙතාරතුරු ලබන සතියේ...

මදාරා මුදලිගේ

උපදෙස් - උද්‍යාන බෝග පර්යේෂණ හා

සංවර්ධන ආයතනය 

Comments