මත නිසා 14,717ක් දැලේ | Page 3 | සිළුමිණ

මත නිසා 14,717ක් දැලේ

මේ වර්ෂයේ මුල් මාස හතර තුළ නීති විරෝධි සුරා අපරාධ ගණයට වැටෙන මද්‍යසාර ස්ප්‍රීතු නිපදවීම, මත්පැන් විකිණීම, මත්ද්‍රව්‍ය අපරාධ ගණයට වැටෙන හෙරොයින් සහ ගංජා විකිණීම සහ ළඟ තබා ගැනීම මෙන්ම නීති විරෝධි දුම්කොළ ආශ්‍රිත අපරාධ 15469ක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇතැයි එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආර්. සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි පළාත් නවයම ආවරණය වන සුරාබදු නිලධාරීන් දහසකට ආසන්න ප්‍රමාණයකින් සිදුකළ වැටලීම්වලදී අදාළ කාලසීමාව තුළදී අත්අඩංගුවට පත් පුද්ගල සංඛ්‍යාව 14717කි. මේ කාලසීමාව තුළදී අදාළ වැරැදිවලට පනවන ලද දඩ මුදල් ප්‍රමාණය රුපියල් පන්කෝටි අනූහය ලක්ෂ හැටතුන්දහස් හාරසීයක් (59,663,400) බව සඳහන් වේ.

එසේම සුරාබදු බලපත්‍රලාභී ස්ථානවලින් කරන ලද වැරැදිවලට එරෙහිව කළ වැටලීම් ප්‍රමාණය 962 කි. මේ සියලු වැටලීම් සඳහා මහජනතාව විසින් ලබාදුන් තොරතුරු හා පැමිණිලි ප්‍රමාණය ඉහළ බව කී හෙතෙම ඉදිරියටත් මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මහජනතාවගෙන් මනා සහයෝගයක් බලාපොරොත්තු වන බවද අවධාරණය කොට සිටියේය.

Comments