දිනකට අලුත් යතුරුපැදි 1300ක් මහ පාරට | Page 2 | සිළුමිණ

දිනකට අලුත් යතුරුපැදි 1300ක් මහ පාරට

දිනකට යතුරු පැදි 1,300කට අධික සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි කරනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. මේ වසරේ ජනවාරි මාසය තුළ පමණක් යතුරු පැදි 31,709ක් අලුතින් ලියාපදිංචි කර ඇතැයි පෙන්වා දෙන දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී යතුරු පැදි 344380ක් ලියාපදිංචි කර ඇති බවද පවසයි.

මේ වන විට දිවයින පුරා යතුරු පැදි 4,075,719ක් මහා මාර්ගයේ ධාවනය කෙරෙන නමුත් එයින් තුනෙන් එකක් පමණ රියැදුරු බලපත් නොමැති අය විසින් පදවාගෙන යනු බවද හෙළිව තිබේ. මේ තත්ත්වය විශේෂයෙන්ම ගම් මට්ටමින් සිදු වන බවද පොලිස් රථවාහන කොට්ඨාසය පෙන්වා දෙන අතර, පසුගිය වසරේදී පමණක් දහසකට ආසන්න පිරිසක් යතුරු පැදි අනතුරුවලින් මියගොස් ඇති බවද රථවාහන පොලීසිය පවසයි.

 

Comments