
තොරතුරු තාක්ෂණය, සුව සේවා සෞඛ්‍ය ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය, සකස් කළ ආහාරපාන පිටරට යැවීම ඇතුළු ප්‍රධාන ඉලක්කගත අංශ 6කින් අපනයන ආදායම ඉහළ නැංවීමේ ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම නුදුරේදීම ඇමැති මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
අන්තර්ජාතික වෙළෙඳාම හා සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාව දැනට ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටවල් තුනෙන් දෙකක (110) ප්‍රමාණයක් විසින් ක්‍රියාවට නංවන ලෝක වෙළෙඳාම සඳහා පහසුකම් සැපැයීමේ ගිවිසුමට සහයෝගය පළ කරන රටකි.
එසේ වුවත් තවමත් ජාතික අපනයන සංවර්ධන උපායමාර්ගික සැලැස්මක් නොමැති ශ්‍රී ලංකාව, මේ දිගුකාලීන අඩු-පාඩුවෙන් මුදාගැනීම සඳහා රජයේ ඉදිරි වැඩපිළිවෙළ හේතු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. සංවර්ධන උපයාමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සියලු පාර්ශ්ව සමඟ කතිකා කොට මේ අපනයන සංවර්ධන ජාතික වැඩපිළිවෙළ සකස් කරමින් සිටියි.