
ඉහළ අභ්‍යවකාශයේ සිටද නැරඹිය හැකි වර්ග කිලෝමීටර් තුන්ලක්ෂ හතළිස් අටදහසක පැතිරුණු ලොව විශාලතම කොරල් පරය ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළෙහි පිහිටි මහා බාධක කොරල් පරය සංරක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ. මහා බාධක පරය දූෂණය වීම සීමා කර ආරක්ෂා කර ගැනීම, කොරල් පර විනාශ කරන තාරකා මාලුවන්ගේ ව්‍යාප්තිය අඩු කිරීම, කුණාටු වැනි සාගරයෙන් ඇති වන විපත්වලින් ආරක්ෂා කිරීම හා මුහුදේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙසේ අරමුදල් වෙන්කර ඇත. ලෝක උරුමයක් ලෙස සැලකෙන මහා බාධක කොරල් පරය රැකගැනීමසදහා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500ක් එරට රජය වෙන්කර ඇති බව වාර්තා වේ.