යුද හමුදාවේ 19000ක් එක්සත් ජාතීන්ගේ සහන සේවයට | Page 3 | සිළුමිණ

යුද හමුදාවේ 19000ක් එක්සත් ජාතීන්ගේ සහන සේවයට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා මේ වන විට යුද හමුදාවේ 19000ක පිරිසක් සේවයේ යොදවා ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ‍මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ අතර නිරීක්ෂකයින් 156, මාණ්ඩලික නිලධාරින් 150 සහ මාණ්ඩලික නිලධාරි සහකාරවරුන් 4 දෙනෙකු ද අයතු වන බව ද හමුදාපතිවරයා පවසයි. මේ පිරිස් ලෙබනන් සුඩාන, මාලි රාජ්‍යයේ, බටහිර සහරා ප්‍රදේශයේත්, කොංගෝ රාජ්‍යයේ සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ද සේවයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින්හි සිටියි.

2004 දී සාමසාධක කටයුතු සඳහා ලෝකයම පිළිගත් ආරක්ෂක හමුදාවක් බවට ශ්‍රී ලංකාව යුද හමුදාව පත් වී ඇතැ බවත් දරුණු ත්‍රස්තවාදයක් පවතිද්දී වුවත් එය නොතකා මාණ්ඩලික නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 750 දෙනෙකු හයිටි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්කර යවනු ලැබූ බවද හමුදාපතිවරයා කීය.

මේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම ඇතුළු සියලුම විදේශ කටයුතු සිදු කිරීම පිණිස විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ බව පෙන්වා දුන් හමුදාපතිවරයා පැවසුවේ මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කළ බවත් ය. එය සාම මැදුර යන නමින් හඳුන්වා ඇති බවත් එම විදේශීය මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය කොළඹ 03, පැරණි ඕලන්ද ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති බවද ඒ මහතා කීය.

Comments