ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසික දීමනාවක් | Page 2 | සිළුමිණ

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට මාසික දීමනාවක්

දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර විශ්‍රාමිකව සිටින කලාකරුවන් අගයනු වස් මාසික දීමනාවක් ප්‍රදානය කිරීමේ නිල උත්සවය රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමැති ආර් එම් රංජිත් බණ්ඩාර මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් මැයි මස 15 වැනිදා අඟහරුවාදා පසවරු 3.00ට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ.

මේ මාසික දීමනාව ප්‍රදානය කිරීම ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ යුගයේදීය. 1987 වසරේ රුපියල් 500/-කින් ඇරැඹි එය පසුකාලීනව රුපියල් 2000/- දක්වා වර්ධනය වී කලා කරුවන් 57 දෙනකු වෙනුවෙන් පිරිනැමුණු අතර, 1998 වසරෙන් පසු ඒ මුදලේ වර්ධනයක් සිදු වූයේ නැත.

මෙවර එය අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි කලාකරුවන් 163 දෙනකු සඳහා රුපියල් 5000/- බැගින් වන පරිදි පිරිනැමේ. 2018 මාර්තු 31 දක්වා ලද අයදුම් පත් අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ වී දැනට ඉල්ලුම් කර ඇති කලාකරුවන් මේ සඳහා තෝරාගෙන ඇති අතර, එදිනට පසු ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා දීමනා පිරිනැමීම දෙවැනි අදියර යටතේ සිදු කිරීමට කටයුතු යෙදෙනු ඇත. 

Comments