ග්ලයිෆොසෙට් අවසර දුන්නත් අවභාවිතය තහනම් ! | Page 2 | සිළුමිණ

ග්ලයිෆොසෙට් අවසර දුන්නත් අවභාවිතය තහනම් !

තේ රබර් සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට අවසර දීමත් සමඟ ඇතැම් පිරිස් අතර එය ආන්දෝලනයකට තුඩු දෙන කරුණක් වී ඇත. එහෙත් මෙය අවුරුදු තුනකට පමණක් සීමා වන බව පවසන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ. රංජිත් මහතා මේ තහනම ඉවත් වීම නිසා කිසිවිටකත් මේ වල්නාශකය අවභාවිතයට ලක් කිරීමට නොහැකි බව ද පැවැසූවේය. අවශ්‍ය ප්‍රමාණය වගාකරුවන්ට නිකුත් කරන්නේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ණ අනුදැනුම මත බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

මෙය තහනම් කිරීමෙන් තේ වගාවේ සහ රබර් වගාවේ වල්නාශක වර්ධනය වීම නිසා සමස්ත කර්මාන්තයට වූ හානිය වැළැක්වීමට තාවකාලික විසඳුමක් ලෙස මේ තහනම ඉවත් කිරීම සලකන ලෙස කී අමාත්‍ය ලේකම්වරයා මේ සඳහා දිගුකාලීන විසඳුමකට එළඹෙන තෙක් මේ තහනම ඉවත් කිරීම වගාකරුවන්ට සහනයක් වන බව ද පැවැසීය.

එහෙත් මේ වල්නාශකය වගාකරුවන්ට නිකුත් කිරීම සීමා සහිත වන බව ද එය පූර්ණ අනුදැනුමක් මත සිදු වන බව ද ඔහු කීවේය. ඉදිරි සතියේදී මේ සම්බන්ධ වගකිවයුතු නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමඟ සාකච්ඡා කරන බව පැවැසූ අමාත්‍යාංශ ලේකම්වරයා මේ සඳහා වැවිලි බෝග අධීක්ෂණ අංශය ද සහභාගි වන බව ද පැවැසුවේය. 

 

Comments