‘ලේක්හවුස් අමාදහර’ අද හා හෙට | Page 2 | සිළුමිණ

‘ලේක්හවුස් අමාදහර’ අද හා හෙට

 ලේක්හවුස් පාලනාධිකාරිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ පූර්ණ සහාය ඇතිව ඉදිරිපත් කරන අමා දහර වෙසක් කලාපය ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටදි අද හා‍ හෙට පැවැත්වේ.

මෙවර අමාදහර වෙසක් කලාපයේදි ලේක්හවුස්ආයතනය ප්‍රථම වරට අමාදහර වෙසක් කලාපය වෙනුවෙන් 29 හා 30 රාත්‍රි 7.30 සිට රාත්‍රි 10.30 දක්වා වෙසක් බැලීමට එන ජනතාව වෙනුවෙන් මහා බත් දන්සලක් පවත්වයි.

ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම ලේක්හවුස් ඉදිරිපිට සකස් කළ සුවිශේෂ වේදිකාවකදි ප්‍රකට ගායක ගායිකාවන් හා එක්ව බොදු බැති ගී ඉදිරිපත් කරනු ලැබේ. ඊට අමතරව එදින රාත්‍රි කොත්තමල්ලි දන්සලක් පැවැත්වෙන අතර වෙසක් උත්සවය වෙනුවෙන් ‍ෙල්ක්හවුස් ගොඩනැඟිල්ල ෂඩ් වර්ණ බෞද්ධ කොඩිවලින් හා විදුල් බුබුළින් අලංකෘත කිරීමද සිදු කර ඇත.

අප්‍රේල් 30 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් බොදු බැති ගී ඉදිරිපත් කරන අතර එදිනත් කොත්තමල්ලි දන්සල පැවැත්වේ. ලේක්හවුස් බෞද්ධ සංගමය හා සේවක සේවිකාවෝ මෙම කටයුතුවලට පූර්ණ දායකත්වය ලබාදෙයි. මෙහිදී ලේක්හවුස් සේවක සේවිකාවෝ ද භක්ති ගීත ගායනයට එක්වෙති. ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් පැවැති 2562 වෙසක් චිත්‍ර තරගයේ ජයග්‍රාහක සිසු දරු දැරියන් වෙත ත්‍යාග හා සහතික ප්‍රදානය ද එහිදී සිදු කෙරේ. 

Comments