රුසියාවෙන් අලුත් අවි දෙසීයක් | සිළුමිණ

රුසියාවෙන් අලුත් අවි දෙසීයක්

රුසියාව 2015 සිට මේ දක්වා අලුත්ම අවි ආයුධ 200ක් පමණ සිරියාවේදී අතහදා බලා ඇතැයි ප්‍රකාශ වී තිබේ. මේ අතරට දිගු දුර ගුවන් හා මුහුදු කැලිබර් අවිද, නවීනතම කෲස් මිසයිලද ඇතුළත්ය. මෙලෙස අත්හදා බලන ලද අවි ආයුධ අතරින් කිහිපයක් ලබන මැයි මස මොස්කව් නුවර රතු චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිත ආරක්ෂක ආචාර පෙළපාලියේදී ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය. මෙලෙස සිරියාවේදී අත්හදා බලන ලද කැලිබර් අවි කිලෝමීටර් 2500ක් ඇතුළත අල්පෙනෙති තුඩක වැරදීමකින් තොරව ඉලක්කය ගැනීමට සමත් වේ.

Comments