සමාගම් ලියාපදිංචියට ඔන්ලයින් ඊ-රොක් | Page 2 | සිළුමිණ

සමාගම් ලියාපදිංචියට ඔන්ලයින් ඊ-රොක්

 සමාගම් සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට පැය 24 කින් ප්‍රතිඵල ලබාදෙන නවීන ඉලෙක්ට්‍රෝනික ක්‍රියාපටිපාටියක් හඳුන්වා දිමට රජය සූදානම් වෙයි. E-ROC (electronic registration of companies) යනුවෙන් නම් කර තිබෙන ක්‍රමය යටතේ ප්‍රමාදයකින් තොරව සමාගම් සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබීමට අමතරව අන්තර්ජාතික ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා ගැනීමටත් අවස්ථාව උදාවන බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

1938 දී ආරම්භ කෙරුණු සමාගම් ලියාපදිංචිය එවකට යටත්විජිත බාර ලේකම් කාර්යාලය යටතේ පැවති අතර එවකට සමාගම් 1861ක් ලියාපදිංචි කර තිබිණ. සාමාන්‍යයෙන් මේ වනවිට සමාගම් 80.000ක් ලියාපදිංචි කර තිබෙන අතර එක් දිනකට සමාගම් ලියාපදිංචිය සඳහා 50ක් පමණ අයදුම්පත් ඉදිරිපත් වෙයි.

ප්‍රමාදයකින් තොරව සමාගම් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන් විද්යුත් ඔන් ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වන්නට යන්නේ ප්‍රථම වතාවටය. මේ යටතේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ සිට එහි අදියර වශයෙන් සිදුවන ක්‍රියාපටිපාටිය අවසානයේ පැය 24 ක් ඇතුළත අයදුම්කරුට තමා කට්යුතුවල ප්‍රගතිය දැනගත හැකිය.

Comments