මුතුරාජවෙල වනජීවියට | Page 3 | සිළුමිණ

මුතුරාජවෙල වනජීවියට

මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය හා ආරක්ෂාව පිණිස ඉදිරියේදි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි අයිතිය ලබාදීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

ජාතික පාරිසරික පනත අනුව හා වන සත්ත්ව හා වෘක්ෂලතා පනත අනුව මුතු‍රාජවෙල සංවේදි පරිසර කලාපය ඇතුළත ඇති ඉඩම් සියල්ලට මේ අනුව දැඩි නෛතික ආවරණයක් ලැබෙන බවත්, ඇතුළත ඇති පෞද්ගලික ඉඩම්වලට වන්දි ලබාදී පවරාගන්නා බවත් සභාපතිවරයා කියයි.

මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු හා ආරක්ෂණ කටයුතු විධිමත් කිරීම පිණිස එහි එක් එක් පාර්ශ්වකරුවන්ගේ තවත් රැස්වීමක් ඉදිරි දිනකදි පැවැත්වෙන බවත් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

මේ අතර මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ නිලධාරින් පවසන්නේ තවමත් මුතුරාජවෙල ඉඩම් ගොඩකරන සල්ලිකාර ජාවාරම්කරුවන් හා ලොරි හිමියන් මුතුරාජවෙල අභ්‍යභූමිය ගොඩ කිරිමට විවිධ උපාය මාර්ග ගනිමින් සිටින බවයි. මේ වැඩපිළිවෙළ යටතේ අතීතයේදි ගැසට් කර ඇති සංරක්ෂන කලාපයට වඩා විශාල ඉඩම් ප්‍රමාණයක් මුතුරාජවෙල නව සංරක්ෂණ බල ප්‍රදේශයට අයත් වනු ඇතැයිද සභාපතිවරයා පැවසීය. 

Comments