
කුරුඳු කොළවලින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය කටයුතු කටයුතු කරයි. මේ පර්යේෂණය සඳහා අවුරුදු දහයක කාලයක් ගත වුණු අතර මේ මඟින් කුරුඳු වගාවෙන් වැඩි අස්වැන්නක් නෙළා ගත හැකි බව ද කුරුඳු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ඩී.එන්. සමරවීර මහතා පවසයි.
කුරුඳු කොළවලින් සාදා ගනු ලබන මේ කොම්පෝස්ට් කුරුඳු වගාවට යෙදීමෙන් සරු අස්වැන්නක් ලබා ගත හැකි බව පැවැසූ අධ්‍යක්ෂවරයා මෙයින් කුරුඳු වගාවට සඳහා රසායනික පොහොර භාවිතය අවම කළ හැකි බව ද පැවැසුවේය.