ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.9ක් | Page 13 | සිළුමිණ

ඉන්දියාවෙන් ඩොලර් බිලියන 2.9ක්

 ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍යාධාර වෙන් කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා පවසයි. එයින් අමෙරිකානු ඩොලර් මිලියන 545ක් පූර්ණ සහනදායි  ආධාර බවද ඒ මහතා කියා සිටී.

ඉන්දියාව මේ ආධාර සිදු කරන්නේ දිගුකාලීන යුද්ධයෙන් අඩපණ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර සංවර්ධන කටයුතු සිදු කරගැනීමට බවත්, කිසිදු ආකාරයක බලාපොරොත්තුවක් මත නොවන බවත් ඒ මහතා පවසයි. ආධාර මේ වන විටත් සපයමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි. 

 

Comments