UDA ආදායම මිලියන 3677ක් | Page 2 | සිළුමිණ

UDA ආදායම මිලියන 3677ක්

 පසුගිය 2017 වසර තුළ නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 3677ක ආදායමක් ලබා රුපියල් මිලියන 1290ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 2016 වසරේදී අධිකාරියේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 742ක් වූ අතර 2015දී එය දැක්වුණේ මිලියන 316ක් ලෙසින් බවද අමාත්‍යාංශය පවසයි.

මෙම වර්ධනාත්මක ප්‍රගතිය ලබාගන්නට අධිකාරියට හැකියාව ලැබී ඇත්තේ පසුගිය වසරේදී අඩුආදායම් ලාභීන්ට නිවාස 1874ක් ඉදි කිරීම සදහා රුපියල් මිලියන 7496ක් ආයෝජනය කිරීම හා වෘත්තීය වේදීන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රම 4ක් සදහා රුපියල් බිලියන 25ක මුදලක් ඇස්තමේනුත් කර තිබියදීය. එසේම ඉඩම් සංවර්ධනය කිරීමෙන් අධිකාරය රුපියල් බිලියන 17.03ක් උපයා ලෙන ඇති අතර රටට ඍජු විදේශ ආනයන ඇමරිකන් ඩොලර් මිලියන 565ක් ලබා දී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

එසේම නාගරික සංවර්ධන අධිකාරියට අනුබද්ධ ආයතන වල වෝටර්ස් එජ් ලංකා රෙස්ට් හවුස් නාගරික ආයෝජන හා සංවර්ධන සමාගම පෑලියගොඩ ගබඩ සංකීර්ණ සමාගම්ද රුපියල් මිලියන 424ක ශුද්ද ලාභයක් උපයා ඇති බවද අමාක්‍යාංශය පෙන්වා දෙයි. විශේෂයෙන්ම විකිණීමට සූදානම් කර තිබූ වෝටර්ස් එජ් ආයතනය රුපියල් මිලියන 203ක ශුද්ධ ලාභයක් ඉපැයීම මෙහිදී කැපී පෙනෙන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

Comments