වස විස නැති කිරිබතක් | Page 2 | සිළුමිණ

වස විස නැති කිරිබතක්

අලුත් අවුරුද්දට වස විස නැති කිරි බතක් පිළියෙල කර ගන්නා ලෙස ‘වස විස නැති රටක්’ ජාතික වැඩ සටහන ජනතාවගෙන් ඉල්ලා සිටියි. නිරෝගී ජනතාවක් බිහි කිරීමේ අරමුණින් පටන් ගත් මේ වැඩ සටහන මේ වන විටත් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක ‍වන බවත්, මෙතෙක් කලක් බෝනොවන රෝගවලට හේතුව වූයේ වස විස ඇති ආහාර බවත්, එම තත්ත්වය මේ වන විට පහව ගොස් ඇති බවත්, ජනාධිපති කාර්යාලය ප්‍රධානත්වයෙන් ආරම්භ කර සෙමා ආයතනය විසින් මෙහෙයවන වස විස නැති ජාතික වැඩ සටහන මඟින් මෙය ක්‍රියාත්මක වන බව සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා පවසයි.

ජනතාවට අවශ්‍ය වසවිස නැති ආහාර මේ වන විටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අලෙවිසල්වල සහ සුපිරි වෙළෙඳසල්වලත් මිලදී ගැනීමට ඇති බව පවසයි. උසස් ප්‍රමිතියකින් යුත් වස විස නැති පාරම්පරික සහල්, නාඩු සහල්,සම්බා, කීරි සම්බා, වස විස නැති රටක් ලාංඡනය සහිතවම වෙළෙඳපොළේ මිලදී ගැනීමට ඇති බව ද ඒ මහතා පවසයි. 

Comments