පළාත් සභා මනාප ක්‍රමයට? | Page 2 | සිළුමිණ

පළාත් සභා මනාප ක්‍රමයට?

 ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සමානුපාතික ක්‍රමය යටතේ මනාප ඡන්දය ලබාදිමේ අවස්ථාව සැලසෙන පරිදි පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ පසුගියදා රැස් වූ අවස්ථාවේදී පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේ තිබූ අඩුපාඩු සම්බන්ධව සාකච්ඡා කළ බවත් ඒ අවස්ථාවේදී සියලු  දෙනාගේම මෙන් මතය වූයේ මේ මිශ්‍ර ක්‍රමය අනුව මැතිවරණ පැවැත්වීම සහ සභිකයින් පත්වීම සම්බන්ධයෙන් විශාල ගැටලු මතු වූ බවයි.

එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමය යටතේම පැවැත්වීම සුදුසු බවට එහිදි නිර්දේශ වූ බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි තීරණයන් සියලු පක්ෂ එකතුව ගත යුතු බවද ඒ මහතා කීය. මේ සාකච්ඡාව සඳහා අමාත්‍ය රිෂාඩ් බද්දුයුදීන්, අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය පලනි දිගම්බරම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරම්, පාරිලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මෙන්ම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාද සහභාගි වී තිබේ. 

Comments