ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද? | Page 2 | සිළුමිණ

ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද?

ඇත්තටම මොකක්ද මේ Internet කියන්නේ? අපි සියලු දෙනාම මේක භාවිත කරනවා. එයින් අපි අපේ වැඩ වේගවත් කර ගන්නවා. Google, YouTube, Facebook, Twitter ... මේ හැම දෙයක්ම අපිට සමීපයි. නමුත් මේ හැමදේම තියෙන්නේ Internet නිසා. ඉතින් අපි බලමු මොකක්ද මේ Internet කියන්නේ සහ එ්ක වැඩ කරන්නේ කොහොමද කියල.

Internet කියන්නේ සරලව කියුවොත් ඩිජිටල් පිටු ප්‍රවාහනය කිරීම සඳහා ලෝකය පුරා තිබෙන පරිගණක සම්බන්ධ වී ඇති ජාලයකට. ඩිජිටල් පිටු කියන්නේ world wide web (www). Internet සහ www කියන්නේ එකම දේට නෙවෙයි. නමුත් ඔබට පේනවා ඇති සම්බන්ධ කම.

අපි දැන් බලමු මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කොහොමද කියල. මුලින්ම අපිට මොකක් හරි web පිටුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ පරිගණකයද මේ Internet ජාලය සමග සම්බන්ධ විය යුතුයි. ඉතින් මේකට අපිට උදවු කරන්නේ Internet Service Provider(ISP). අපි ලංකාව අනුව හිතුවොත් SLT, Dialog වගේ ආයතන Internet Service Provider පහසුකම ලබලා දෙනවා. අපි දැන් Intenetඑක සමග සම්බන්ධ වෙලා ඉන්නේ.

දැන් ඔබගේ පරිගණකයේ ඇති web browser එක භාවිතයෙන් ඔබට අවශ්‍ය web පිටුව ලබා ගැනීම කල හැකියි. උදාහරණ ලෙස ඔබට අවශ්‍ය web පිටුව ලෙස “www.abc.com” සිතන්න. මුලින් සරලව කියුවොත් මෙහෙමයි සිද්ද වෙන්නේ. ඔබ මේ web ලිපිනයට තිබෙන web පිටුව අවශ්‍ය බව ඔබගේ web browser එක හරහා කියනවා. ඊට පස්සේ එම ඉල්ලීම Internet ජාලය හරහා ගිහිල්ලා මේ web පිටුව ඇත්ටම ස්ථාපනය කරල තියන server පරිගණකයට යනවා. server එකේදී ඔබගේ ඉල්ලීමට අදාළව අවශ්‍ය කරන ක්‍රියාවලින් සිද්ධ කළාට පස්සේ නැවත එහි ප්‍රතිපලය Internet ජාලය හරහාම ඔබගේ ඉල්ලීම කරපු පරිගණකයට පැමිණෙනවා. අන්තිමේදී ප්‍රතිපලය web browser තුලදී ඔබට බලා ගන්න පුළුවන්.

ඇත්තෙන්ම මේ දේවල් සරලව කිව්වට මේක ඉතාම සංකිර්ණ ක්‍රියාවලියක්. දැන් අපි මේ ක්‍රියාවලියේ සිදුවන දේවල් වැඩි විස්තර සමග බලමු. ඔබට පෙනෙනවා ඇති මේ ඉහත ඇති පින්තුරයේ නැතිනම් සමහර විට ඔබ අහලත් ඇති, අපි internet එකෙන් අපිට අවශ්‍ය web පිටුව ලබා ගැනීමට අපි web browser එක හරහා ඉල්ලීමක් කල යුතුයි. ඉතින් අපි මේකට HTTP Requestඑකක් කියලා හඳුන්වනවා. HTTP කියන්නේ Hypertext Transfer Protocol. අපි මේ යවන HTTP Requestඑකේ අපට අවශ්‍ය තොරතුරු රඳවා අවශ්‍ය serverඑකට යවන්න පුළුවන්. Serverඑක තුලදී HTTP Requestඑක කියවා එයට අනුව අදාළ රාජකාරිය සිදු කිරීම සිදුවනවා.

ඔබ දන්නවා අපි සාමානයෙන් web browser හරහා අපිට web පිටුවක් අවශ්‍ය නම් එයට අදාළ addressඑක www.abc.com භාවිතයෙන් අපට අවශ්‍ය ඉල්ලිම සිදු කරනවා. මේ addressඑකට අපි domain nameඑක කියනවා. ඉතින් අපි අපේ පරිගණකයෙන් අවශ්‍ය ඉල්ලීම(Request) කළ පසු, Internet Service Provider(ISP) විසින් එම ඉල්ලීම Domain Name Service(DNS)එකට යවනවා. මෙහිදී අපි ඉල්ලන domain nameඑකට අදාළ severඑකට අපේ ඉල්ලීම(Request) යවනවා. ඇත්තෙන්ම serverඑකක් ප්‍රවේශනය(access) කිරීම සිදු කළ යුත්තේ IP Addressඑකක් හරහා. සාමානයෙන් IP Addressඑකක් මේවගේ වෙනවා “112.135.1.188” නමුත් මෙය මතක තබා ගැනීම අපහසු නිසා තමයි domain nameඑකක් හරහා server access පහසුකම ලබා දීල තියෙන්නේ.

මේ Web Request ක්‍රියාත්මක කරවිය යුතු serverඑක සමහර විට ඇත්තටම ස්ථාපන කර තිබෙන්නේ වෙනත් රටක විය හැකියි. ඉතින් මේ තොරතුරු හුවමාරුව සඳහා අවශ්‍ය ජාලය සම්බන්ධ කිරීමට ප්‍රධාන වශයෙන්ම fiber optic cable භාවිතා කර තිබෙනවා. ලෝකයේ ඇති සියලුම රටවල ජාලයන් fiber optic cable හරහා එකිනෙකට සම්බන්ධයි. බොහෝ විට මේ cable මුහුද හරහා සම්බන්ධයි. මෙහි ජාල ගත කර ඇති තාක්ෂණය අනුව යම් හෙයකින් cable එකක් ක්‍රියා විරහිත වී තිබුනොහොත්, එම ඇනහිටීම මගහරවා වෙනත් මාර්ගයකින් අවශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවෙන් යුක්තයි. මේ Fiber optic cable ජාලය Internetවල කොඳු නාරටිය (Back Bone)එක ලෙස හදුන්වනවා. මේ සියලුම සංකිර්ණ ක්‍රියාවලි සියල්ල ඇසිපිය ගසන නිමේශයකටත් කලින් සිදුවීම තමයි මේ තාක්ෂණයේ ඇති සුවිශේෂි බව වන්නේ.

යශෝදා ඉන්දීවරී

Comments