ස්වාභාවික ආහාර පාන අසාත්මිකතාවට හොඳම පිළියමක් | Page 2 | සිළුමිණ

ස්වාභාවික ආහාර පාන අසාත්මිකතාවට හොඳම පිළියමක්

වෛද්‍ය මාලා පෙරේරා

මිනිසාගේ පැවැත්ම උදෙසා ආහාර පාන හා ඖෂධ අත්‍යාවශ්‍ය වේ. එහෙත් එම ද්‍රව්‍යයන් මිනිස් සිරුරට අසාත්මික වන අවස්ථා බහුලය. එවන් අවස්ථාවක ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ බොහෝ විට අපට අවබෝධයක් නැත. එවන් අවබෝධයක් පැවැතිය ද කලබලකාරි අවස්ථාවක දී ඒ කිසිවක් සිහියට නො ඒ. අසාත්මිකතාවයකදි කිවිසුම් යෑම, කැසිම, පලු දැමිම, ඉදිමීම,හතිය ආදී අවස්ථාවන් ‍ගේ සිට මරණය දක්වා මිනිසා පීඩාවට පත් කරවයි. මෙහිදී ස්වාරය ස්වාස නාලය අශ්‍රිත ඇතිවන උණුසුම් තත්තවයන් හේතුවෙන් හුස්ම ගැනීම‍ට බාධා ඇති කරවයි. එබැවින් අසාත්මිකතාවක් නොසලකා හැරිම නොකළ යුත්තකි. අසාත්මිකතාවක් මිනිස් සිරුරේ සියලු ඉන්ද්‍රියයන් කෙරෙහි බල පවත්වයි. ස්නායු පද්ධතිය, මොළය, හෘදය,වකුගඩු, ආහාරජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරකම් ආදිය කෙරෙහි බලපෑම් කරයි. එබැවින් ඉකිමන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. මූලික වශයෙන් ම අත් බෙහෙතක් ලෙස අමු පොල් කොළ ගිනි අඟුරු මත දමා රෝගීයා ට දුම් ඇල්ලිම ප්‍රතිපල දායක වේ.

ඖෂධ හා ආලේපන

ආහාර හෝ ඖෂධ හෝ වෙනයම් ආලේපන ද්‍රව්‍ය මගින් මිනිස් සිරුරට ඇති කරනු ලබන විෂ සහිත තත්තවයන් වර්තමානයේ අසාත්මිකතා ලෙස හඳුන්වනු ලබයි. අසාත්මිකතා වළක්වා ගැනීමට ඇති හොඳම පිළියම වන්නේ කුඩා කාලයේ සිට ම දරුවන්ට දේශජ ආහාර හා ඖෂධ වර්ග, පලා වර්ග කුඩා ප්‍රමායෙන් ආහාරයට එක් කිරීමයි. ළදරුවන් ආහාර හා කිරි මිශ්‍රව ගන්නා අවධියේ පවුලේ මාපියන් වැඩිහිටියන් ගන්නා ආහාර පාන දරුවාට සුලු වශන්යෙන් ලබා දීම කළ යුතුය. එමගින් එම ද්‍රව්‍යන් කෙරෙහි සිරුර ප්‍රතික්‍රියා දක්වමින් හුරුවේ. ආහාර ජීර්ණ පද්ධතිය මගින් ද එම ආහාර අවශ්‍ය ලෙස සිරුරේ ක්‍රියාකාරීත්වයට යොදවා ගැනීමට හුරු වේ. එහෙත් වර්තමානයේ සිදු වන්නේ අසාත්මික තා ඇතැයි සලැකෙන ද්‍රව්‍ය වැඩි හිටියන් විසින් දරුවන් ට ආහාර පිනිස ලබා නොදීමයි. ඕනෑම ආහාරයක් හෝ ඖෂධයක් කුඩා අවධි‍යේ සිට ආහාරයට නොගෙන සිටී විට එය ජීර්ණය කරවා ගැනීමේ ශක්තිය හා ජීර්ණයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන් ශරීරයේ නිපදවන්නේ නැත.

එක් අයෙකුට අසාත්මික ද්‍රව්‍යයක් තවත් ‍අයෙකුට සාත්මික නොවිය හැකිය. එබැවින් මිනිසා භාවිත කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යක් භාවිතයෙන් ඉවත් කළ නොහැක.

රුධිර ගැටලු

අසාත්මිකතාවයකට හේතු වන්නේ මිනිසාගේ රුධිරයේ ඇතිවන ගැටලු සහගත තත්තවයකි. මෙහිදී ඇතැම් විට ශරිර අභ්‍යන්තරයේ රුධිරය සම මතු පිටකරා ගමන් කර යි. එවිට ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ට අවශ්‍ය රුධිරය නොලැබීම හේතුවෙන් පුද්ගලයා කම්පනයට පත්විය හැකිය. අසාත්මික තත්තවය කදී නිදි මත ඇති වේ. රෝගියාට නින්ද යාමට නොදි වරින්වර අවදි කරවා යම් යම් සුදුසු ද්‍රව්‍ය පානයට ලබා දීම කළ යුතුය. දරුවකු නම් නිදා ගැනීමේ දි එක් ඇලයකට හරවා තැබිම ඉතාම වැදගත්ය. ශරීරයෙන් තරල පිට වන අවස්ථාවක දී රෝගියාගේ සිරුර උණුසුම් කිරිම කළ යුතුය. අසාත්මිකතාවක් ඇති වූ විට සීතල වතුර හෝ ඇල් දිය භාවිත නොකර සීටීම වඩාත් යෝග්‍ය වේ. නිතර නිතර අසාත්මිකතා ඇති වන රුධිරයේ ගැටලු ඇති පුද්ගලයන් විසින් නෙල්ලි රසකිඳ තැම්බූ වතුර නිතර භාවිතය මගින් එම තත්වය වළක්වා ගත හැකිය.

රුධිරයේ ඇති ගැටලු සහගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ රක්ත ශෝධනය කරනු ලබයි. එමගින් පුද්ගල ශරීරයේ ඇති විෂ පදාර්ථ ඉවත් කෙරේ. එබැවින් නිතර අසාත්මිකතාවන්ට ගොදුරු වන පුද්ගලයන් රක්ත ශෝධන ප්‍රතිකර්ම කෙරෙහි යොමු වීම යෝග්‍ය වේ. ආයුර්වේදය දේශජ සාත්මය එබැවින් එම ඖෂධ භාවිතය හානීකර නොවේ. මක් නිසාද යත් එම ඖෂධ කුළුබඩු ලෙස හෝ ආහාර ලෙස ලක් වාසීන්ට ශරිර ගතවී ඇති බැවිනි.

අසාත්මිකයැයි හඳුනා ගත් ආහාර ද්‍රව්‍ය සංස්කරණයේ දී යම් යම් පිළියම් යෙදීම මගින් එම ආහාර ද්‍රව්‍ය සාත්මික නොවන සේ සකසා ආහාරයට ගත හැකිය. එවන් ආහාර සංස්කරණ විධි ලෙස තම්බා දිය හැරීම, ලුනු වතුර දමා මිරිකා ගැනීම,පොල් එක්කිරීම, පොල් සමඟ ආහාරයට ගැනීම, පොල් වතුරින් සෝදා ගැනීම හෝ තම්බා ගැනීම කළ හැකිය.

පාන වර්ග

අසාත්මිකතා ඇති අය වැඩිපුර ජලය පානය වැදගත්ය. තැඹිලි, කුරුම්බා, පොල් වතුර, පොල් හෝ කුරුම්බා ආහාරයට ගැනීම යෝග්‍යය. කිරි, පොල්කිරි, පොල් පලා, දෙලුම්, එළඟිතෙල් කරපිංචා හෝ දිවුල් කොළ කැඳ අසාත්මිකතා වළක්වා ගැනීමට යෝග්‍ය වේ. අසාත්මික තත්වයක් හේතුවෙන් යම් රෝගියෙකුට නොනවත්වා බඩ එළිය යන්නේ නම් පොරි කැඳ හෝ බැදි හාල් කැඳ පිස බීමට දීම යෝග්‍යය. සූදුරු කබලේ බැද කුඩු කර දීම ද සුදුසු ප්‍රතිකර්මයකි. ඉස්සා කූනිස්සා දැල්ලා හෝ බලයා වැනි රතු මාලු වර්ගයන්හි බොහෝ දුරට අසාත්මක ද්‍රව්‍ය යම් පමණින් අන්තර්ගතය. එබැවින් එම ආහාර සංස්කරණයේ දී සැලැකිලිමත් විය යුතුය. ඉස්සා කූනිස්සා දැල්ලා වැනි මාලු පිස ගත් පසු කල් තබා ගෙන ආහාරයට ගැනීමේ වැළැකී සිටීම වැදගත් වේ.

ඇතැම් පුද්ගලයන් තමාට කුමන ආහාර ද්‍රව්‍ය අසාත්මික වන්නේ ද යන්න පිළබඳ නොදනි. එවන් අවස්ථාවක දී අසාත්මිකතාවයට එරෙහි වන ද්‍රව්‍ය බොහෝමයක් නිතර ආහාරයට එක් කර ගැනීම යෝග්‍ය වේ. මෙවන් අවස්ථාවක හානිකර ආහර හැර අනෙක් ආහාර ගැනීම හානිකර නොවේ. විශේෂයෙන්ම එළවලු ලෙස දිය එළවලු ලෙස සැලැකෙන වැටකොලු පතෝල ආහාරයට එක් කර ගැනිම ඉතා යෝග්‍ය ය.

මේ රෝග තත්වය කපජ ලක්ෂ ඇති පුද්ගලයන් කෙරෙහි වැඩි වශයෙන් බල පවත්වයි. එබැවින් අසාත්මික තාවයක් ඇති වූ විට සීත ගුණ සහිත ආහාරයෙන් වැළැකී සිටීම සුුදුසු වේ. ස්වසන රෝගියෙක් පීඩාවට පත් අවස්ථාවක දි සීත ගුණ ආහාර ගැනීමෙන් රෝගී තත්තවය උත්සන්න වේ. එයින් සැබැ රෝගී තත්තවය හඳුනා ගත ‍නොහැකි වේ.

කිසිම ලෙසකින් පිටවක්කා ශාකය ඖෂධයක් ලෙස ලබා නොදීමට වගබලා ගත යුතුය.

බාහිර ආලේපන හේතුවෙන් වන අසාත්මිකතා බොහෝමයක් වර්තමානයේ වාර්තා වන්නේ රූප ලාවනය ද්‍රව්‍ය හේතුවෙනි. එම ද්‍රව්‍ය සමට හානි පමුවා ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් කෙරෙහි බල පෑම් කරවයි. මේ ද්‍රව්‍යන්හි අන්තර්ගත බැර ලෝහ පෙරා ගැනීමට නොහැකිව වකුගඩු හානියට පත් වේ. වර්තමානයේ දියුණු තාක්ෂණ තත්වයන් යටතේ අසාත්මික වන්නේ කුමන ද්‍රව්‍යයක් ද යන්න පිළිබඳ පරික්ෂා කර ගත හැකි ය. එවන් උපකාර මගින් තමන්ට විෂ සහිත රසායනික ද්‍රව්‍ය හඳුනා ගනිමින් ඒවා භාවිතයෙන් ඉවත් වීම හෝ අවම වශයෙන් භාවිතය මගින් ජීවිත හානි අවම කර ගත හැකිය.

Comments