තෙල් කන බැක්ටීරියාවක්! | Page 2 | සිළුමිණ

තෙල් කන බැක්ටීරියාවක්!

වර්තමාන ලෝකයේ දැඩි පාරිසරික අර්බුදයක් ලෙස ගැනෙන සමුද්‍රීය දූෂණයට හේතු වී ඇති නැව් මඟින් මුහුදට විසිරෙන තෙල් නිසා ඇති වන හානිය වළක්වා ලීමට සමත් බැක්ටීරියාවක් ක්විබෙක් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. මේ බැක්ටීරියාව යැපෙන්නේ තෙල් ආහාරයට ගැනීමෙනි. විද්‍යාඥයන් පවසන ආකාරයට මේ තෙල් කන බැක්ටීරියාව මඟින් මුහුද පිරිසුදු කිරීම නිසා ලෝකයේ පොදු ප්‍රශ්නයක් බවට පත්ව ඇති තෙල් ඉසිරුම් ගැටලුවට විසඳුමක් ලබාගැනීමට හැකි වනු ඇත.

අල්කැනිවෝරැක්ස් බෝකුමෙන්සිස් (Alcanivorax borkumensis) නමින් හැඳින්වෙන මේ බැක්ටීරියා විශේෂය ආහාරයට ගන්නේ ස්වාභාවික වායු සහ පෙට්‍රෝලියම් සැකසී ඇති ප්‍රධාන සංඝටකයන්ය. එබැවින් තෙල් විසිරීමෙන් දූෂණයට පත් ප්‍රදේශවල මේ බැක්ටීරියාව යෙදීමෙන් ඒ පෙදෙස පිරිසුදු කිරීමට හැකියාව ලැබේ. එහෙත් මේ ක්‍රියාවලිය සංකීර්ණ සහ මිල අධික බවද ඔවුහු පවසති. 

 

Comments