ගොඩගම හන්දියට ගුවන් පාලමක් ඕනෑ | Page 4 | සිළුමිණ

ගොඩගම හන්දියට ගුවන් පාලමක් ඕනෑ

දැනට වසර කීපයක සිට ගොඩගම නගර මධ්‍යය උදය, සවස හා රාත්‍රි කාලයේ අධික රථවාහන තදබදයක් ඇතිවේ.

ප්‍රධාන මාර්ග හතරක් සම්බන්ධවෙන මෙම හතර මං හන්දිය මේ වනවිට කෝට්ටේ - බෝපේ මාර්ගය වැඩි දියුණු කිරීම ආරම්භ කර ඇති බැවින් ඊට සමගාමීව හෝමාගම සිට ‍හයිලෙවල් මාර්ගය අවිස්සාවේල්ල දෙසට පුළුල් කිරීමට දැන් කටයුතු කරගෙන යන බැවින් නුදුරු අනාගතයේදී තවදුරටත් මාර්ගයේ තදබදයක් ඇතිවන ලකුණු පෙනේ.

ලංකාවේ ප්‍රධාන මාර්ග හතරක් සම්බන්ධ වන ගොඩගම හතරමං හන්දියට රථවාහන තදබදයට විසඳුමක් හැටියට රථ වාහන ධාවනය සඳහා ගුවන් පාලමක් ලබාදීමට කටයුතු කරන්නේ නම් ගොඩගම නගරයට පැමිණෙන මගී ජනතාවට වාහන රියදුරන්ට ඉතා පහසුවෙන් ගොඩගම හන්දිය පසු කර යා හැක.

කේ.ඇස්. සිරිල්
වටරැක, පාදුක්ක.

Comments